Thursday, December 31, 2015

“ඇටකෝටු යාළුවා“ ළමා පින්තූර කතා පොත එළිදැක්වීම- 2015/12/30

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී මනෝවිද්‍යා උපදේශක වෙනුර සනත් කුමාර මහතා විසින් සිතුවම් කර රචනා කල 2015 අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහී ළමා කතාව වූ “ඇටකෝටු යාළුවා“ ළමා පින්තූර කතා පොත දොරට වැඩුම 2015/12/30 දින හවස 2.00 ට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උත්සවසිරියෙන් සිදුවිය.

     දුරකථනයේ පරිගනකයේ ඇති වීඩියෝ ක්‍රීඩා වලට ඇබ්බැහිවී ඇති දරුවන් නැවත මුද්‍රිත ළමා සාහිත්‍ය වෙත නැඹුරු කරවීම කාලීන අවශ්‍යතාවක් වී ඇති අවධියක මෙවැනි වටිනා ළමා කෘති බිහි වීම ළමයින්ගේ මෙන්ම වැඩිහිටි අපගේත් වාසනාවක් බවත් වෙනුර කුමාර මහතා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පමනක් නොව මුළු රටටම වටිනා කලා සම්පතක් බව මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මැතිතුමා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පැවසූහ.
   මෙහි විශේෂ අවස්ථා අවස්ථා ඡායාරූප හා වීඩියෝවක් පහතින්...