Friday, March 29, 2024

 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරිමට නියමිත වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන ලෙස වරාහේන  වසමේ සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන 2024.03.28 දින වරාහේන  වෙරළ තිරයේදි පැවැත්වුනි.

මේ සදහා වරාහේන වසමේ ග්‍රාම සංවර්ධන සම්තියේ සමාජිකයන් , බෙන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් හා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී සහභාගි විය.මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු ග්‍රාම සංවර්ධන නිලධාරී මහතා විසින් සිදුකරන ලදි.























Wednesday, March 20, 2024

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබු  නවව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂිත ව්‍යවසායකයන් හා දැනට ව්‍යාපාර ආරම්භ කර ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබු. ව්‍යාපාර අභිප්‍රේරණ හා දැනුවත් කිරීමේ වැඩසටහන බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළගම්හය  ග්‍රාමනිලධාරි කොට්ඨාස පදනම් කරගනිමින් හබුරුගල නිලසෙවන කාර්යාලයීය පරීශ්‍රයේදී 2024.03.19 දින පැවැත්වින.







Monday, March 18, 2024


එස්ලෝන් ලංකා පුද්ගලික සමාගම , නිව්ස් ෆස්ට් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරන තුරුකැපකරු රුක් රෝපණ වැඩසටහනේ තවත් අදියරක් බෙන්තොට සංස්කෘතික මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක විය.

මෙම වැඩසටහන සඳහා කොස්ගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන් ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක උපුල් මහතා ,පරිසර නිළධාරී මහතා, සංස්කෘතික මධ්‍යස්ථානයේ නිළධාරී මණ්ඩලය ,දෙමව්පියන් සහ පැල රැක බලාගන්නා දරුවන් එක්විය.
















එස්ලෝන් ලංකා පුද්ගලික සමාගම , නිව්ස් ෆස්ට් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  එක්ව ක්‍රියාත්මක කරන රුක් රෝපණ වැඩසටහනේ තවත් අදියරක් 2024.03.17 වන දින බෙන්තොට ගාමිණි ජාතික පාසලේ ප්‍රථමික අංශයේ සිදු කරන ලදි. පාසල් භූමියේ පැල සියයක් පාසල් භූමියේ රෝපණය කිරීම සිදුවිය.

මෙම වැඩසටහන සඳහා එස්ලෝන් ලංකා පුද්ගලික සමාගම නියෝජනය කරමින් එහි ප්‍රාදේශීය අලෙවි නියෝජිත ඉශාර මහතා එක්ව සිටි අතර ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක උපුල් මහතා ,පරිසර නිළධාරී මහතා ,විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ඇතුලු ආචාර්‍ය මණ්ඩලය,දෙමව්පියන් සහ පැල රැක බලාගන්නා දරුවන් එක්විය.