Thursday, December 31, 2015

“ඇටකෝටු යාළුවා“ ළමා පින්තූර කතා පොත එළිදැක්වීම- 2015/12/30

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී මනෝවිද්‍යා උපදේශක වෙනුර සනත් කුමාර මහතා විසින් සිතුවම් කර රචනා කල 2015 අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහී ළමා කතාව වූ “ඇටකෝටු යාළුවා“ ළමා පින්තූර කතා පොත දොරට වැඩුම 2015/12/30 දින හවස 2.00 ට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උත්සවසිරියෙන් සිදුවිය.

Tuesday, December 29, 2015

ළමා සමාජ චිත්‍ර ප්‍රදර්ශනය - 2015/12/29 ගල්තුඩුව සමාජ සත්කාර ඒකකය

විස්තර  - ළමා හිමිකම් නිලධාරිණී සුජීවා ප්‍රියදර්ශනී , ගල්තුඩුව ආර්ථික සංවර්ධන නිලධාරිණී ඉන්දු කුමාරි
ඡායාරූප - බි.ඩී. චන්දන ප්‍රභාත්

බෙන්තර කොට්ඨාශයේ ළමා සමාජ වල දරුවන්ගේ කලා කුසලතා එලිදැක්වීමක් ලෙස පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනය 2015 /12/29 දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා ගල්තුඩුව සමාජ සත්කාර ඒකකයේදී පැවැත්වුනි.කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටවූ ළමා සමාජවල දරුවන්ගේ ජයග්‍රාහී චිත්‍ර මෙහිදී මහජන ප්‍රදර්ශනයට ලක්විය.දරුවන්ගේ කලා කුසලතා ඔපනැංවීම හා ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වූ බව ළමා හිමිකම් නිලධාරිණී සුජීවා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.
  මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ ඡායාරූප කිහිපයක් පහතින්...

Saturday, December 26, 2015

හිපන්වත්ත පාළමේ වැඩ අවසන් අදියරේ....

විස්තර හා ඡායාරූප - ධනුෂ්ක සම්පත්(හිපන්වත්ත ආර්ථික සංවර්ධන නිලධාරි)

  දිගු කාලයක් තිස්සේ අබලන්ව කඩා වැටීමට ආසන්න තත්ත්වයේ තිබූ හිපන්වත්ත පාලම පිළිසකර කිරීම පසුගියදා ආරම්භ වූ අතර මේ වන විට පාලමේ වැඩ අවසන් අදියරේ ඇති අතර නොබෝ දිනකින් ජනතා අයිතියට පත්වනු ඇත.
  ග්‍රාම සේවා වසම් සංවර්ධන වැඩසටහනට අනුගාමීව සිදුවූ විශේෂ සංවර්ධන වැඩසටහනක් යටතේ සිදුවූ මෙම පාළම පිළිසකර කිරීම වසමේ ප්‍රධාන සංවර්ධන අවශ්‍යතාවක් සම්පූර්ණ වීමක් බව ගම්වැසියන් සතුටින් ප්‍රකාශ කර සිටිති.

තුන්දුව නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ...

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 12 බී තුන්දුව නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා සාර්ථකව අවසන් විය.මේ යටතේ තුන්දුව අළුත්වත්ත පාර හා සායන පාර යන මාර්ග දෙක කොන්ක්‍රීට් කිරීම සිදුවිය.

Wednesday, December 23, 2015

කුඩා ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ..

 විස්තර හා ඡායාරූප - සමන්ති විජයකුමාරි (කුඩා උෟරගහ අාර්ථික සංවර්ධන නිලධාරිණී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා සාර්ථකව අවසන් වූ අතර අදියර දෙකකින් මෙම සංවර්ධන වැඩසටහන සිදුවිය

සූරියගම වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන (2015) සාර්ථකව අවසන් වේ

විස්තර හා ඡායාරූප - චන්ද්‍රිකා නිලන්ති (සූරියගම ආර්ථික සංවර්ධන නිලධාරිණී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 12 ඩී සූරියගම වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය.තුඩුව ගංවත්ත පාර තාර දැමීම මේ යටතේ සිදු විය

Monday, December 21, 2015

හිපන්වත්ත ප්‍රජා ශාලාව විවෘත කෙරේ....

 විස්තර - හිපන්වත්ත ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් සමඟ සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන
 ඡායාරූප හා වීඩියෝ - බී.ඩී. චන්දන ප්‍රභාත්

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හිපන්වත්ත වසමේ 2015 ලක්ෂ 10 සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ ප්‍රජා ශාලාවේ බිම් මහලේ වැඩ නොබෝදා අවසන් වූ අතර අද දින (2015 දෙසැම්බර් 21 සදුදා ) හවස 3 ට යෙදි තිබූ සුභ මොහොතින් ජනමාධ්‍ය හා තොරතුරු ඇමති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මැතිතුමා අතින් ජනතා අයිතියට පත්විය. මහා සංඝරත්නයේ ආශීර්වාද සෙත් මැද ආරම්භ වූ මෙම විශේෂ අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මැත්තුමා,බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න මැතිතුමාද සහභාගී විය.
    වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් ග්‍රාම නිලධාරී ටී. රුවන් සම්පත් ,කෘ.ප.නි.ස නිලධාරී අබේරත්න සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන සමෘද්ධි නිලධාරී ඇතුළු වසමේ සියළුම කෙෂත්‍ර නිලධාරීන්  මෙන්ම ගම්වැසියන් එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම ප්‍රජා ශාලාව වැඩ අවසන් කිරීම වසමේ කාලයක් පැවති ප්‍රධාන ගැටළුවකට විසදුමක් විය.
  මෙහි විශේෂ අවස්ථා ඡායාරූප හා වීඩියෝවක් පහතින්..

Friday, December 18, 2015

අපචාර වලින් සිසු දරුවන් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙද්දුව මහ විදුහලේදී..2015/10/29

විස්තර හා ඡායාරූප - තරංගා ශ්‍යාමලී ද සිල්වා (දෙද්දුව ආර්ථික සංවර්ධන නිලධාරිණී)

අපචාර හා වෙනත් සමාජ විරෝධී කටයුතු වලින් දරුවන් ආරක්ෂා කර ගැනිමත් දරුවන් එවැන් අපචාර වලට යොමු වීම වලක්වා ගැනීමත් පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2015 /10/ 29 දින දෙද්දුව මහ විදුහලේදි පැවැත්වුනි.එහි විශේෂ අවස්ථා කීපයක් පහතින් දැක්වේ..

කහගල්ල වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන (2015) සාර්ථකව අවසන්වේ...

විස්තර හා ඡායාරූප - තරංගා ශ්‍යාමලී ද සිල්වා(කහගල්ල වැඩබලන ආර්ථික සංවර්ධන නිලධාරීණී)

  බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 5 ඒ කහගල්ල වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන (2015) පසුගියදා සාර්ථකව අවසන් විය.කහගල්ල යටපාර තාර දැමීම මේ යටතේ සිදුවිය.

Thursday, December 17, 2015

දෙල්කබලගොඩ වසමේ ගම්වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන...

  විස්තර හා ඡායාරූප - එච්.පී. දීප්ති (දෙල්කබලගොඩ ආර්ථික සංවර්ධන නිලධාරිණී)

 අපරාධ හා අපචාර වලින් කුඩා දරුවන් ආරක්ෂා කරගැනීමත් අපරාධ වලක්වා ගැනිමත් පිළිබඳව ගම්වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා දෙල්කබලගොඩ වසමේදී පැවැත්වුනි.
                                    බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිලධාරිණී සුජීවා ප්‍රියදර්ශනී මහත්මිය,ඌරගස්මන්හන්දිය පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ගම්වැසියන් දැනුවත් කල අතර මෙහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.....

ඉදුරුව ධීවරයන්ට ජීවිතාරක්ෂණ උපකරණ බෙදා දිමක්....


එක්දින හා බහුදින ධීවර යාත්‍රාවල සේවය කරන ඉදුරුව ධිවර ප්‍රජාවට ජීවිතාරක්ෂක උපකරණ බෙදා දීමක් 2015/ 12/ 14 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතාගේ ප්‍රතිපාදන මගින් මෙම ධිවර උපකරණ බෙදා දුන් අතර එහි විශේෂ අවස්ථා සේයා රූප කිහිපයක් පහත දැක්වේ..

Friday, December 11, 2015

මහ ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ....

විස්තර - මහඌරගහ ආර්ථික සං. නිලධාරීණී එල්.ජී.සුදීපිකා නිල්මිණී
ඡායාරූප - තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ

බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ මහ ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා අවසන් වු අතර මඩකුඹුර පහලකඩේ මාර්ගය කොන්ක්‍රීට් කිරීම මේ යටතේ සිදුවිය.

දොඹගහවත්ත වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ...

ඡායාරූප - තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ

බෙන්තොට ප්‍රා.ලේ.කොට්ඨාශයේ දොඹගහවත්ත වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන -( 2015) පසුගියදා සාර්ථකව අවසන් වූ අතර වසමේ මාර්ග 2ක් (කපුහේන මිණුවන්දෙණිය මාර්ගය හා පොඩිහේන මිණුවන්දෙණිය මාර්ගය) කොන්ක්‍රීට් කිරීම මේ යටතේ සිදුවිය.

මහවිල බටහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ...

ඡායාරුප හා විස්තර - මහවිල බටහිර ආර්ථික සංවර්ධන නිලධාරී රංගන සිල්වා සමඟ තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවිල බටහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා අවසන් විය.මේ යටතේ මාර්ග දෙකක්(මහවිල ප්‍රධාන පාසැල අසල මාර්ගයත් පෙර පාසැල අසල මාර්ගයත්) කොන්ක්‍රීට් දැමීම සිදු කෙරුනි.

Thursday, December 10, 2015

මහවිල නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන අවසන්වේ...

ඡායාරූප - තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ 

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවිල නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන -(2015) පසුගියදා සාර්ථකව වැඩඅවසන් විය.මේ යටතේ ගඟසිරි උයන පාර හා නාහිටිය පල්ලවත්ත පාර යන මාර්ග දෙක කොන්ක්‍රීට් දැමීම සිදුකෙරුනි.

Wednesday, December 9, 2015

බෝධිමළුව වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන - 2015 සාර්ථකව අවසන්වේ.

ඡායාරූප - තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ

බෙන්තොට ප්‍රා.ලේ.කොට්ඨාශයේ බෝධිමළුව වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන -( 2015) පසුගියදා සාර්ථකව අවසන් වූ අතර කිතුල්ගොඩ වත්ත මාර්ගය තාර දැමීම මේ යටතේ සිදුවිය.

හිපන්වත්ත වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන-(2015) සාර්ථකව අවසන්වේ...

විස්තර හා ඡායාරූප - හිපන්වත්ත ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් සමඟ තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ

බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ හිපන්වත්ත වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන-(2015)  පසුගියදා සාර්ථකව අවසන් වූ අතර හිපන්වත්ත ප්‍රජා ශාලාවේ බිම් මහලේ වැඩකටයුතු අවසන් කිරීමත් දියපරදුව අතුරු මාර්ගයක් කොන්ක්‍රීට් කිරීමත් මේ යටතේ සිදුවිය.

ආර්ථික සංවර්ධන නිලධාරීන් සඳහා පැවැත්වූ “සමථකරණ“ පුහුණු වැඩසටහන 2015/11/19

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථකරණ වැඩසටහන් නිලධාරිණී ඩී.එන්.සඳරේණූ මහත්මිය  සහ අම්බලන්ගොඩ ප්‍රා.ලේ කාර්යාලයේ සමථකරණ වැඩසටහන් නිලධාරිණී සුරංජි රණසිංහ මහත්මියගේ සහභාගිත්වයෙන් වසම් වලට අනුයුක්තව කේෂත්‍ර රාජකාරියේ නියුතු ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද “සමථකරන“ පුහුණු වැඩසටහන  2015/11/19 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි.

Tuesday, December 8, 2015

“ඇරඹුමට පෙළඹුමක්“ මනෝ විද්‍යා උපදේශන වැඩසටහන - 2015/12/07

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී(උපදේශන) වෙනුර සනත් කුමාර මහතාගේ ආරාධනයෙන් මනෝ වෛද්‍ය (නාගොඩ රෝහළ) රජිත ස්වාරිස් මහතා විසින් පවත්වන ලද දේශනය 2015 /12 07 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි.
        කෙෂත්‍ර රාජකාරියේ නිරත සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද මෙම දේශනයේදී දරුවන් යෞවනයන් හා වැඩිහිටියන් සමඟ ප්‍රජා කටයුතු කිරීමේදී ඔවුනොවුන් අතර ඇති විවිධාකාරවූ මානසික තත්ත්වයන් අවබෝධ කරගනිමින් වඩාත් සාර්ථකව හා ඵලදායි අයුරින් කෙෂත්‍ර කටයුතු කරන ආකාරය පිළිබඳව දැනුවත් කෙරුණු අතර ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු සියළුම සංවර්ධන නිලධාරීන්ට මෙය  කාලෝචිත වටිනා අවස්ථාවක් විය

Monday, December 7, 2015

දෙල්කබලගොඩ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන සාර්ථකව නිමවේ....

විස්තර හා ඡායාරූප - එච්.පී. දීප්ති (දෙල්කබලගොඩ ආර්ථික සංවර්ධන නිලධාරිණී)

බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ දෙල්කබලගොඩ වසමේ ලක්ෂ 10 (2015) සංවර්ධන කටයුත්ත පසුගියදා සාර්ථකව අවසන් විය මෙම සංවර්ධන වැඩසටහන අදියර 2කින් සිදුවු අතර වසමේ අබලන් ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණයත් පරුස්සගොඩ පළමු පටුමඟ කොන්ක්‍රීට් කිරීමත් සිදුවිය

ඇටවලවත්ත- බටහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන නිමවේ...

විස්තර හා ඡායාරූප - වරුණී රුමේදා රුවන්පතිරණ (ඇටවලවත්ත බටහිර ආර්ථික සංවර්ධන නිලධාරිණී)

   බෙන්තොට ප්‍රා.ලේ.කොට්ඨාශයේ ඇටවලවත්ත -බටහිර ග්‍රාම සේවා වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන හටතේ මාර්ග දෙකක් කොන්ක්‍රීට් දමා පිළිසකර කිරීම පසුගියදා අවසන් විය.

Sunday, December 6, 2015

අතුරුවැල්ල වසමේ ලක්ෂ 10 -(2015) සංවර්ධන වැඩසටහන සාර්ථකව අවසන්වේ....

විස්තර ඡායාරූප හා වීඩියෝ - බී.ඩී.චන්දන ප්‍රභාත්(අතුරුවැල්ල ආර්ථික සංවර්ධන නිලධාරී)
   බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ අතුරුවැල්ල වසමේ ලක්ෂ 10 -(2015) සංවර්ධන වැඩසටහන යටතේ බුද්ධගොඩ වත්ත මාර්ග දෙකක් කොන්ක්‍රීට් දමා පිළිසකර කිරීම අද(2015/12/06) දින අවසන් විය.

Saturday, December 5, 2015

මුල්ලෙගොඩ වසමේ ලක්ෂ 10 - (2015) සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ කොන්ක්‍රීට් මාර්ගයේ වැඩ අවසන්වේ....

ඡායාරූප හා විස්තර - අසංක දිල්ශාන් (මුල්ලෙගොඩ ආර්ථික සංවර්ධන නිලධාරී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල්ලෙගොඩ ග්‍රාම නිලධාරී වසමේ ලක්ෂ 10 - (2015)  සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ කොන්ක්‍රීට් මාර්ගයේ වැඩ පසුගියදා අවසන් විය

මුල්ලෙගොඩ වසමේ කෘෂි උපදේශන වැඩසටහන.....

විස්තර හා ඡායාරූප - අසංක දිල්ශාන් (මුල්ලෙගොඩ ආර්ථික සංවර්ධන නිලධාරී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල්ලෙගොඩ ග්‍රාම නිලධාරී වසමේ ගම්වැසියන්ගේ සහභාගිත්වයෙන් කෘෂි උපදේශන වැඩසටහනක් පසුගියදා පැවැත්වුනි.
 වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ,කෘ.ප.නි.ස නිලධාරී ඇතුළු කෙෂත්‍ර නිලධාරීන් හා ගම්වැසියන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උපදේශන වැඩසටහනේ විශේෂ අවස්ථා කීපයක ඡායාරූප පහත දැක්වේ..

වරාහේන වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන සාර්ථකව නිමවේ....

විස්තර හා ඡායාරූප - චතුරිකා ද අල්විස් -(වරාහේන ආර්ථික සංවර්ධන නිලධාරිණී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරාහේන ග්‍රාම සේවා වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන-2015 යටතේ වසමේ මාර්ග දෙකක් ක්‍රොන්ක්‍රීට් හා තාර දමා  සංවර්ධනය කිරීම පසුගියදා අවසන් කෙරුනි.
 සංවර්ධන වැඩසටහන 
        1) අලවතුගොඩ පන්සල පාර තාර දමා සංවර්ධනය  - දිග මීටර් 160  , පළල අඩි 10
           ආරම්භය - අමරසිරි පොන්නම්පෙරුම මහතාගේ නිවස
          අවසානය - චිත්‍රා ආයුර්වේද හෝටලය

Wednesday, December 2, 2015

හැදුනුම්පත් අංකය අනුව 2015 ඡන්ද හිම් නාම ලේඛන විස්තර අන්තර්ජාලයෙන් .....

2012 වසරේදි මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලය විසින් දිවයිනේ සියළු ඡන්ද හිමියන්ගේ නාම ලේඛන හා විස්තර අන්තර්ජාල ගත කලත්  පසුව නැවත එම විස්තර අන්තර්ජාලයෙන් ඉවත් කර තිබුනි.

     පෙර පැවති තත්ත්වයේ නොවුනත් ජාතික හැදුනුම් පත් අංකය ඇතුලත් කල විට අදාල පුද්ගලයාගේ විස්තර 2015 ඡන්ද නාම ලේඛනයට ඇතුලත් වී ඇත්දැයි පරීක්ෂා කර බැලීමට මේ වන විට අන්තර්ජාලයෙන් අවස්ථාව සැලසී ඇත.

Monday, November 30, 2015

පවුල් තොරතුරු දත්ත පද්ධති අකෘතියක්.....


 වසම් වලට අනුයුක්ත ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් පවත්වාගෙන යායුතු හා යාවත් කාල කල යුතු පවුල් තොරතුරු රැස් කිරීම පිණිස ආර්ථික සංවර්ධන නිලධාරියකු විසින් සැකසූ ඇක්සස් ඩේටාබේසයක ආකෘතියක් පහතින් දක්වා ඇත.රජය විසින් ලබා දි තිබූ ආකෘතියට අනුරූපව සකසා ඇති මෙම ඩේටාබේසය බාගත කොට එය තමන්ටත් භාවිතයට සුදුසුදැයි පරීක්ෂා කර බලන්න.

Tuesday, November 24, 2015

කොට්ඨාශයේ කර්මාන්ත කරුවන්ගේ තොරතුරු

සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ගේ තොරතුරු(වසම් මට්ටමින්)

සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්

බේකරි

ස්වර්ණාභරණ

බතික් රෙදි හා ඇදුම් විකිනීම කරන්නන්

ඇදුම් මැසීම

නිමි ඇදුම් විකිනීමේ ව්‍යාපාර

කැටයම් කැපීම හා විකිනීම

ගෘහ භාණ්ඩ විකිණීමේ ව්‍යාපාර

යාන්ත්‍රික ලීමෝල්

යාන්ත්‍රික වඩුමඩු

කොහුමෝල් ව්‍යාපාර

ලෙලි කොහු

වඩු මඩු

බෝට්ටු සේවාවන්

ගොඩනැගිලි ද්‍රව්‍ය

කොණ්ඩා කැපීම

සම්භාණ්ඩ විකිණිම

ග්‍රොසරි

මෝටර් රථ අළුත්වැඩියාව

පාපැදි අළුත්වැඩියාව

යතුරුපැදි අළුත්වැඩියාව හා සර්විස්

ත්‍රීරෝද රථ අමතර කොටස් විකිනීම



Tuesday, November 17, 2015

“රිද්ම 8“ ප්‍රසංගය සාර්ථකව අවසන්වේ... (ඡායාරූප හා වීඩියෝ සහිතයි)

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා වැඩසටහනට ආධාර පිණීස 8 වැනි වරටත් පැවැත්වූ “රිද්ම 8 “ ප්‍රසංගය 2015 නොවැම්බර් 13 සිකුරාදා සවස් වරුව පුරාම බෙන්තොට ගාමිණී ජාතික පාසැලේදී ඉතා විචිත්‍රවත් අයුරින් පැවැත්වුනි.
         බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන්,ග්‍රාම නිලධාරීන්,සමෘද්ධි නිලධාරීන්,කෘ.ප.නි.ස නිලධාරීන් මෙන්ම වෙනත් නිලධාරීනගේ නැටුම්,ගැයුම් ,වැයුම් ,රැගුම් ආදීයෙන් ඹපනැංවී කලා උළෙලක අසිරියක් ගත් මෙම ප්‍රසංගයට පළාතේ දේශපාලන නායකයන්,පරිපාලන මාණ්ඩලික නිලධාරීන් ඇතුළු ආරාධිත නිලධාරීන් රාශියක් සහභාගි විය.
         ප්‍රසංගයේ විශේෂ අවස්ථා ඡායාරූප හා වීඩියෝ කිහිපයක් පහතින්....

                                                        Photos  Click here

                                                        Videos  Click Here

කඩිනම් විසදුම් ලැබිය යුතු අවශ්‍යතා ගැටළු

බෙන්තොට කුණු ප්‍රශ්නයට පිළියම් නෑ
අතුරුවැල්ල පාලම හදන්නේ කවදාද?

Thursday, November 12, 2015

බෙන්තොට මිරිස්වත්ත මහකුරුන්දවත්ත නිවාස ව්‍යාපෘතිය 2015-11-10

ඡායාරූප හා විස්තර- දර්ශන කරුණාරත්න


නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ගමකට නිවාස 25 බැගින් උදාගම් 38ක් නිර්මානය කිරීමේ වැඩසටහන යළිත් ක්‍රියාවට නැංවිණි.  ගාල්ල දිස්ත්‍රික්කයට ලැබුනු දෙවන උදාගම බෙන්තර - ඇලිපිටිය ආසනයේ බෙන්තර මිරිස්වත්ත මහකුරුන්දවත්ත  ග්‍රාමයෙන් නොවැම්බර් මස දසවනදා පෙරවරුවේ යෙදුන සුභමොහොතින් ආරම්භ විය.

Wednesday, November 11, 2015

හිපන්වත්ත දියපරදුව ප්‍රජා ශාලාව හා අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානය සාර්ථකව නිමවේ....


 හිපන්වත්ත දියපරදුව ප්‍රජා ශාලාව හා අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් ඊයේ(2015/11/10) දිනයේදී පැවැත්වුනි.හිපන්වත්ත සිවිල් ආරක්ෂක කමිටුවේ යෝජනාවක් අනුව ගම්වාසීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු මෙම ශ්‍රමදානය ඉතා සාර්ථකව සිදුවූ අතර හිපන්වත්ත සිවිල් ආරක්ෂක කමිටු සභාපති සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන මහතා ,ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් , ග්‍රාම නිලධාරී ටී.රුවන් සම්පත් ,කෘ.ප.නි.ස නිලධාරී අබේරත්න සමෘද්ධි නිලධාරී ඇතුළු වසමේ සියළුම කෙෂත්‍ර නිලධාරීන් මෙන්ම වසම භාර පොළිස් නිළධාරී මහත්වරුද සිව්ල් ආරක්ෂක කමිටු නිලධාරීන් හා ගම්වාසීන්ද මෙම අවස්ථාවට සහභාගී විය....(ඡායාරූප පහතින්)

Sunday, November 8, 2015

බෙන්තොට කොට්ඨාශයට අයත් ලියාපදිංචි ප්‍රජාමූල,ස්වේච්ඡා හා සුභසාධන සමිති




01
Agrarian Societies (ගොවි සමිති)Click Here
02Credit Giving Societies (ණය ලබාදෙන සමිති)Click Here
03Elder’s Societies (වැඩිහිටි සමිති)Click Here
04Funeral Donation Societies (අවමංගල්‍යාධාර සමිති)Click Here
05Rural Development Societies (ග්‍රාම සංවර්ධන සමිති)Click Here
06Samurdhi Societies (සමෘද්ධි සමිති)Click Here
07Sport Societies (ක්‍රීඩා සමිති)Click Here
08Welfare Societies (සුබසාධක සමිති)Click Here
09Women’s Societies (කාන්තා සමිති)Click Here
10Youth Societies (තරුණ සමිති)Click Here
11Other Various Societies (වෙනත් විවිධ සමිති)Click Here

Saturday, November 7, 2015

වසම්වලට අනුයුක්ත ආර්ථික සංවර්ධන නිලධාරීන් 2021



No  Name Of Officer                    GN Division                   Official  Address and Tel

1   
 K.D.Chathurika Sanjeewani
01 PahurumullaTaniya Hashini,Pahurumulla,Bentota0772827779
2  

Nadeeka Senevirathna
02 AngagodaAngagoda,Bentota,0773180835
3

H.L.Nilanthi
2A WarahenaNeelsige waththa Pansala, Bentota0715378724
4

Dimuthu Shamili
3 YathramullaYathramulla, Bentota,0715694055
5

H. Sabeetha de Silva
3A BodimaluwaInoka Neranjala, Bodimaluwa, Bentota0710693980
6

      A.P.M.Peris
3B SinharupagamaU.K.Chandana, Sinharupagama, Bentota 0767075946
7

H.S.Ishanka Priyangani Fernando
3C KommalaP.M.Upali Gunasekara, Kommala, Bentota0718961952
8A.P.M.Peris3D Hunganthota WadumullaHunganthota Wadumulla, Bentota 0767075946
9

M.K.Nuwan Dinidu
05 DopeGanepurana Viharaya, Dope, Bentota0760613827
10

H.M.Rasangika Udayamala
5A KahagallaSiril Maduwagoda,Neketh Watta,Dope,Bentota 0713152650
11

A.Tharanga Shamali de Zoysa
06 DedduwaCooperative Bank,Dedduwa,Haburugala0764067262/0776048196
12

H.D.Pradeepa Harshani Kumari
08 YalegamaYalegama Praja Shalawa,Induruwa 0784962724
13

Sepalika Ruwanthi Senarathna
08A GalbadaB.Nandasoma,Saddarmodaya Mawatha,Katukoliya,Induruwa 070-4499077
14

T.H.Dammika
8B OlaganduwaK.D.Danapala,Olaganduwa,Induruwa 0767144196
15

B.D.Chandana Prabath
8C AthuruwellaT.Nanayakkara, Athuruwella,Induruwa0710865721
16

Renuka Punchihewa
09 KaikawalaRenuka Punchihewa,Dola Udumulla,Kaikawala, Induruwa 071-0789736
17

H.S.Krishanthi
09A Etawalawatta (East)Praja Shalawa, Etawalawaththa east 0716466019
18

R.D.W.R.Ruwan Pathirana
09B Etawalawatta (West)Erandi Saputhanthri, Etawalawatta (West),Induruwa 0761341850
19

J.P.Ashoka Kumari Jayalath
09C HabakkalaM.K.Ajith Kumara,Habakkala,Induruwa 0772813492
20

W.G.V.Nayana Kumara
10 KahawegammeddaPraja Shalawa,Nelumpokuna,maha Induruwa 0710865300
21

dilesha Gunasekara
10A Warakamulla       0719314039
22

Sandamali Warunika
10B AkadegodaM.Mallawarchchi,Kapugewatta,Maha Induruwa076 1963640
23

K.P.Kanaheraarachchi
10C Kandemullagramiya lekam karyalaya Kandemulla 0774281254
24

O.K.D.Tharanga Pathirana
11 GonagalapuraShantha Opatha,Old Junction,Gonagalapura 0775089823
25

D.A.Rangana Thushaji de Silva
11A MullegodaIn front of Temple,Mullegoda,Induruwa0710864795
26

P.Indu Kumari
11B GalthuduwaPraja Shalawa,Galthuduwa,Gonagala0715393343
27

K.L.Nayana Dilhani
11C Galagama Grameeya lekam karyalaya,Galagama,Induruwa0772075779
28Inosha  Devini punchihewa
11D DobagahawattaPraja shalawa,,Gonagala 0772248344
29

M.D.Nilmini Sadareka
11E KolaniyaKolaniya Praja Shalawa,Galthuduwa ,Gonagala 0774220928
30

P.Neera Nilanthi
12 HaburugalaBataketiyawatta, piyedda Road,Haburugala 0705130496
31

W.D.Nayomi Nilanga
12A ThotakanaththaK.P.Keerthi Darmarathna,Thotakanaththa,Haburugala 0710864014
32M.G.Jayanthi Thamara Nandani12B Thunduwa(East)130E,Thunduwa,haburugala 0771261627
33

Ramani Priyanthi
12C Thunduwa(West)Thunduwa(West),Haburugala 078 6515923
34

K.P.Chandrika Nilanthi
12D SuriyagamaChandrika Nilanthi,Puwakwatta,Haburugala0711567018
35A.T.S.Abewardana12E ElakakaPraja Shalawa,Elakaka,Haburugala078-8181345
36

M.Ishani Sadamali
12F ViyanduwaGramaniladari Office,Viyanduwa,haburugala 0712802002
37

H.P.M.Hasanthi
13 RanthotuvilaH.P.M.Hasanthi,Galmangodawatta,Ranthotuvila 0715234861
38

P.H.Hasitha Kumara
13A MoragodaShantha Jayawardana,Moragoda,Bentota 0710864014
39

H.V.Raajani Priyangika
13B MalawalaMalawala Purana Viharaya,Ranthotovila 0715157096
40

R.D.Theja Nishanthi
14 MahagodaL.G.Thomas,Bogahagoda,Miriswatta 0775508005
41

R.D.Dimuthu Kalpani
14A MiriswattaS.N.Lilawathi,357,Katuwatta,Miriswatta 0710864213
42M.K.Asha Wasanthika14B Mahavila(East)“Wasantha”,Mahawatta,Mahavila,Haburugala
43 

T.H.Asanka Dilsahn
14C Mahavila(West)G.P.Samaradasa,Wadiyakanda,Miriwatta,Bentota 0710864011
44

Nadeeka Sewwandi Wickramarchchi
14D PilekuburaGramaniladari Office, Pilekubura,Miriswatta

0772005583

45

D.LSandya Dalwin
14E EthungagodaH.A.Gunadasa, Ethungagoda,Bentota 0705083827
46

L.G.Sudeepika Nilmini
40 Maha UragahaSudeepika Nilmini,Kekirigath Hena,Maha Uragaha 071-3598366
47

P.A.Diluka Madushanka Mendis
40A KotuwabendahenaDiluka Madushanka Mendis, Kotuwabendahena, Maha Uragaha 0778311264
48

Danushka Sampath Jayasundara
40B HipanwattaPraja Shalawa,Diyaparaduwa 0710865165
49M.D.Samanthi Wijekumari40C Kuda UaragahaPraja Shalawa, Kuda Uaragaha 077_6468955
50

A.Chulaka Kumara
40D Iahala MalawalaSarath karunarathna,Ihala Malawala,Ranthotuvila 0702134428
51H.P.Deepthi40E DelkabalagodaPraja Shalawa,Kotakilala,Maha Uragaha