Friday, August 31, 2018

Google voice Typing..../ Google Drive Docs OCR

ටයිප් කරනවා කියන්නේ කාර්යාල වැඩ වලදි එපාවෙනම වැඩක්..කොච්චර අමාරු වුනත් අත්‍යාවශ්‍ය දෙයක් නිසා කාර්යාල කටයුතු වලදී ටයිප් කරන වැඩේ අකමැත්තෙන් වුනත් අපිට කරන්න සිදු වෙනවා..මේ කරදරකාරී එපාවෙන ටයිප් කිරීම කරදරයක් වදයක් නොවී පහසුවෙන් කර ගන්න Google ආයතනය විසින්ම සලසා දී තිබෙන ඉතාමත් වටිනා ක්‍රමෝපායන් දෙකක් පිළිබඳව පහත සටහනින්  සඳහන් කර ඇත.තාක්ෂණ දැනුමක් ඇත්තේම නැති අයට වුනත් පහසුවෙන් වැටෙහෙන ආකාරයට තමයි උපරිම උත්සාහ කරල ලිව්වෙ කියවල තේරුම් අරගෙන උත්සාහ කරල බලන්න.අනිවාර්යෙන් ජීවිත කාලයටම වටින දෙයක් වේවි...

Thursday, August 2, 2018

ළමුන්ගේ හා දෙමාපියන්ගේ ධනවාදී ආකල්ප සංවර්ධන උපදේශණ වැඩසටහන -දෙද්දුව ප්‍රාථමික විදුහල

ළමුන්ගේ හා දෙමාපියන්ගේ ධනවාදී ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුනින් පැවැත්වූ උපදේශණ වැඩසටහන - දෙද්දුව ප්‍රාථමික විදුහල

දියපරදූව ප්‍රජා ශාලාව අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානය - හිපන්වත්ත

හිපන්වත්ත වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් මහතා ප්‍රමුඛ කෙෂත්‍ර නිලධාරීන් හා ප්‍රජා නායකයින් ගම්වැසියන් සහභාගිත්වයෙන් පැවැත්වූ දියපරදූව ප්‍රජා ශාලාව අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානය-2018/03/26
         

ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන - 40 ඒ කොටුවබැන්දහේන

ග්‍රාම ශක්ති වැඩසටහන ප්‍රජා දායකත්වය ඇතිව නිල වශයෙන් ආරම්භ කරමින් කොටුවබැන්දහේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භකල අවස්ථාව

Wednesday, July 25, 2018

5 ශිෂ්‍යත්ව දරුවන්ට පැවැත්වූ මනෝ හා ශාරීරික විද්‍යා උපදේශන වැඩසටහන - ගා/කොබේදූව ප්‍රාථමික විදුහල (2018/07/20)

තරඟකාරී විභාග රටාව ‍හේතුවෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් මුහුණදෙන මානසික හා ශාරීරික ආතති පිඩා දුරු කරමින් දරුවන් සාර්ථකව විභාගයට යොමු කරවීමේ අරමුණින් මෙම මනෝ විද්‍යා උපදේශන වැඩසටහන 2018/07/20 දින කොබේදුව ප්‍රාථමික විදුහලේදී පැවැත්වුනි.

Thursday, July 19, 2018

මනෝ විද්‍යා උපදේශණ වැඩසටහන - 2018/07/13 අංක 14 ඒ මිරිස්වත්ත වසම

 අංක 14 ඒ මිරිස්වත්ත වසමේ ගා/කොබේදූව ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් වෙනුවෙන් මනෝ විද්‍යා උපදේශණ වැඩසටහනක් 2018/07/13 දින පැවැත්වුනි.14 ඒ මිරිස්වත්ත වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ආර්.ඩී.දිමුතු කල්පනී මහත්මියගේ අදහසින් මනෝ විද්‍යා උපදේශක වෙනුර සනත් කුමාර මහතා ඇතුළු උපදේශණ මහත්ම මහත්මියන්ගේ දායකත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහනෙන්..

Wednesday, June 20, 2018

Test

test

ජගත් පරිසර දින සැමරුම කහවෙගම්මැද්ද ග්‍රා.නි. වසම



 ජගත් පරිසර දින සැමරුමට සමගාමීව රුක්රෝපන  වැඩසටහනක් හා ගෙවතු වගාවට අදාගව පාංශු සංරක්ෂණය පිළිබඳව ගෝනගල මූලස්ථාන කෘෂි උපදේශීක තුමිය විසින් සිදුකල දැනුවත් කිරීමේ වැඩසටහන...

Tuesday, June 5, 2018

ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන - 2018

ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන - 2018

ජගත් පරිසර දින සැමරුම් වෙනුවෙන් 2018 මැයි මස 30 සිට ජුනි 05 දක්වා ප්‍රකාශයට පත් කල “ජාතික පරිසර සතිය“ වෙනුවෙන් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවැත්වූ උත්සවය 2018 ජුනි 04 දින කහවෙගම්මැද්ද තේක්කවත්ත සිරිස්වඩ්ඩණාරාමයේදී බෙන්තොට ප්‍රාදේශීය ලේකම් ඩබ්.වසන්ත විතානගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් රාජ්‍ය මට්ටමින් පැවැත්වුනි.එහි විශේෂ අවස්ථා ඡායාරූප පහතින්....