Tuesday, December 8, 2015

“ඇරඹුමට පෙළඹුමක්“ මනෝ විද්‍යා උපදේශන වැඩසටහන - 2015/12/07

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී(උපදේශන) වෙනුර සනත් කුමාර මහතාගේ ආරාධනයෙන් මනෝ වෛද්‍ය (නාගොඩ රෝහළ) රජිත ස්වාරිස් මහතා විසින් පවත්වන ලද දේශනය 2015 /12 07 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි.
        කෙෂත්‍ර රාජකාරියේ නිරත සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද මෙම දේශනයේදී දරුවන් යෞවනයන් හා වැඩිහිටියන් සමඟ ප්‍රජා කටයුතු කිරීමේදී ඔවුනොවුන් අතර ඇති විවිධාකාරවූ මානසික තත්ත්වයන් අවබෝධ කරගනිමින් වඩාත් සාර්ථකව හා ඵලදායි අයුරින් කෙෂත්‍ර කටයුතු කරන ආකාරය පිළිබඳව දැනුවත් කෙරුණු අතර ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු සියළුම සංවර්ධන නිලධාරීන්ට මෙය  කාලෝචිත වටිනා අවස්ථාවක් විය


ඡායාරූප - රෙෂාන් චානක නිශ්ශංක