Friday, November 6, 2015

දැක්ම හා මෙහෙවර

දැක්ම
ජනතාව සඳහා විශිෂ්ඨ රාජ්‍ය සේවාවක්.

මෙහෙවර
නිපුණතාවයෙන් හෙබි මානව සම්පත් උපයෝජනය සහිත ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ උසස් පරිපාලන ක්‍රමයක් තුළින් විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් තහවුරු කිරීම.

කාර්ය භාරය 

රාජ්‍ය සේවයේ කේන්ද්‍රස්ථානය වශයෙන් රාජ්‍ය පරිපාලනයට හා ප්‍රාදේශීය පරිපාලනයට අදාළ  අභියෝග ජය ගනිමින් කටයුතු කිරීමේ කාර්යභාරය රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයට පැවරේ. දිවයිනේ සෑම ස්ථරයකම ආර්ථික හා සමාජ සංවර්ධන අවශ්‍යතා ඉටු කිරීමට සමත් රාජ්‍ය  සේවාවක් ගොඩනැංවීමෙහිලා මෙම අමාත්‍යංශය නිරතව සිටී. රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය කාර්යක්ෂම හා සඵලදායි දිස්ත්‍රක් හා ප්‍රාදේශීය මට්ටමේ පරිපාලනයක් සහතික කිරිමේ ව්‍යායාමයක යෙදී සිටී.