Saturday, January 30, 2016

ක්‍රීඩා හා ශරීිර සුවතා ප්‍රවර්ධන ජාතික හා විශේෂ දිනය බෙන්තොට කොට්ඨාශය තුල ක්‍රියාවට නැංවේ.....

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ඉදිරිචත් කරන ලද යෝජනාවකට අනුව බෙන්තොට කොට්ඨාශයේ ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන පාගමන හා ශරීර සුවතා ව්‍යායාම වැඩසටහන 2015/01/29 දින උදේ වරුව තුලදී පැවැත්වුනි.
    ගරු ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ,බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ,ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ,බෙන්තොට පොලිසීයේ නිලධාරීන් බෙන්තොට ක්‍රීඩා සමාජ නිලධාරීන් ඇතුළු සාමාජිකයන් ප්‍රදේශයේ ප්‍රජා හා සුභසාධන සමිති සමාගම් නිලධාරීන් පාසැල් සිසුන් කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු ප්‍රදේශයේ විශාල ජනකායක් මෙම විශේෂ අවස්ථාවට සහභාගී විය.
   මෙම වැඩසටහනේ විශේෂ අවස්ථා ඡායාරූප හා වීඩියෝ පහතින්...

Wednesday, January 27, 2016

බෙන්තොට කොට්ඨාශයේ වැසිකිළි පහසුකම් නැති නිවාස අවම කරමු.


    
ඉහත සේයාරුව දකින විටම ඔබට පිළිකුලක්,අප්‍රසන්නතාවක් ඇතිවනු නිසැකය.සමහර විට මෙය නරඹන ඔබ ආහාර ගනිමින් සිටින අවස්ථාවක් වුවහොත් පිළිකුල සමඟ කෝපයක්ද ඇතිවනු ඇත.රාජ්‍ය ලාංඡනය සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක “සංවර්ධන නිලධාරීන්“ සඳහා වෙන්වූ අඩවියක මෙවැනි අසික්කිත පින්තූර පල කිරීම පිළිබඳව දොස් පවරනු ඇත.එතැනින් නොනැවතී අඩවිය බ්ලොක් කිරීමට ,රිපෝට් කිරීමට උත්සාහ කරනු නිසැකය.

Wednesday, January 6, 2016

රිද්ම 8 ප්‍රසංගයේ ශිල්පින්ට හරසර ...

    
රිද්ම 8 - 2015 ප්‍රසංගය සඳහා රංගනයෙන් හා ගායනයෙන් දායක වූ නිලධාරීන් හට ස්තූතිය පල කිරීමේ උත්සවයක් 2016 ජනවාරි 04 දින බෙන්තොට බීච් හෝටලයේ දී පවත් වන ලදී. ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තකු ලෙස නියාගම ප්‍රාදේශීය ලේකම්තුමා සහභාගී විය.

Tuesday, January 5, 2016

හිපන්වත්ත වසමේ දිළිදු පවුල් දරුවන්ට පාසැල් පොත් හා සපත්තු බෙදා දීම - 2016 01 03

හිපන්වත්ත වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් මහතාගේ සංකල්පයකට අනුව එම වසමේ දිළිඳු පවුල් වල පාසැල් දරුවන් වෙනුවෙන් පාසැල් පොත් සහ සපත්තු කුට්ටම් නොමිලේ බෙදා දීමක් සිදුවිය.සපත්තු කුට්ටම් 16 සමඟ පිටු 120 පොත් 100 ක් දරුවන් වෙත ලබා දුන් අතර මෙම ත්‍යාගයන්  පාසැල් දරැවන්ට ලබා දීමට පහත සඳහන් ආයතන හා පුද්ගලයන් දායක විය.

සංවර්ධන නිලධාරීන්ගේ EB EXAM ප්‍රතිඵල


1) click any place on table
2) Press Crl + F  Keys to open find box
3) Type Your ID NUMBER in find box
4) Press Enter Key
5)Wait little time and get your result

Friday, January 1, 2016

2016 නව වසරේ අපේ ඇරඹුම ....

  බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව 2016 වසරේ ආරම්භක දිනය වූ අද දින (2016 ජනවාරි 01) කාර්යාලයේ සියළුම නිලධාරීන් වාගේ සහභාගී වූ විචිත්‍ර දිනයක් විය.උදෑසන 8.30 ට පමණ ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතාගේ මූලිකත්වයෙන් කාර්යාලය ඉදිරිපිට ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කොට නිලධාරීන් සියළු දෙනා නව වසරේ රාජ්‍ය සේවා දිව්රුම දීම සිදු කලහ.අනතුරුව මහා සංඝරත්නය වැඩමවා ආගමික කටයුතු සිදු කිරීමෙන් පසු සියළුම දෙනා නව වසරේ කෑම මේසය ඉදුල් කිරීම සිදු කර සතුටු සිතින් නව වසරේ කාර්යාලයේ තම රාජකාරි ආරම්භ කලහ.