Sunday, October 15, 2017

බෙන්තොට ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් තවත් අඩු ආදායම්ලාභී පවුලකට හිසට සෙවනක්..


බෙන්තොට කොට්ඨාශයේ ඉහල මාලවල වසමේ අඩු ආදායම්ලාභී පවුලක් වන ටී.එච්. සෝමවතී මහත්මියගේ ඉදිකෙරෙමින් පවතින නිවසේ වහල ගැසීම සඳහා ශ්‍රම දායකත්වය සපයා එම නිවස සෑදිමේ කටයුත්ත කඩිනම් කිරීම ඉහල මාලවල වසමේ ආර්.සං.නිලධාරී චූලක කුමාර මහතා ප්‍රමුඛ ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් 2017/08/29 දින සාර්ථකව සිදු කෙරුනි.

Thursday, October 12, 2017

කහගල්ල වසමේ දිළිඳු පවුල් වෙනුවෙන් වියලි ආහාර,ඇඳුම්,පාසැල් උපකරණ බෙදා දිමක්....

හුංගන්තොට - වඩුමුල්ල වසමේ ආර්.සංවර්ධන නිලධාරී මංජුලා පීරිස් මහත්මියගේ මෙහෙයවිම මත කහගල්ල වසමේ ආර්.සං.නිලධාරී එච්.එම්.ආර්. උදයමාලා මහත්මිය විසින් තෝරාගත් දරුවන් 5 දෙනෙකු සිටින දිළිඳු පවුල් කිහිපයක් උදෙසා වියලි ආහාර,ඇඳුම්,පාසැල් උපකරණ බෙදා දිමක් 2017/10/10 දින හුංගන්තොට වඩුමුල්ල ආර්.සං.නිලධාරී කාර්යාලයේදී පැවැත්වුනි.
    හුංගන්තොට වසන කුලතුංග මහතා සහ වයලට් චන්ද්‍රාණි යුවලගේ පුත් ග්‍රීසියේ ඇතන්ස් පදිංචි කිත්සිරි චමින්ද මහතා මේ සඳහා සම්පූර්ණ අනුග්‍රහය දැක්වූ අතර වසමේ සමාද්ධි සංවර්ධන නිලධාරී හා කා.ප.නි.ස නිලධාරී මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී විය.









ලෝක ළමා දින වැඩසටහන - 5 එ් කහගල්ල

 ලෝක ළමා දිනය වෙනුවෙන් කහගල්ල රන්දාගොඩ ශ්‍රී දේවප්‍රියාරාමයේදී වැඩසටහන් පෙලක් උත්සවාකාරයෙන් පැවැත්වුනි.එම වැඩසටහන් අතර
       * ළමා චිත්‍ර හා නිර්මාණ ප්‍රදර්ශණය හා ත්‍යාග ප්‍රදානය
      * ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී සුජීවා මහත්මිය ඇතුළු දේශකයන් සහභාගී වූ දේශණ වැඩසටහන
      * සිඟිති දරුවන්ගේ විවිධ ප්‍රසංගයක්
     
මෙම අවස්ථා පහතින් (විස්තර හා ඡායාරූප කහගල්ල වසමේ ආර්ථික සං. නිලධාරිණි එච්.එම්.ආර්. උදයමාලා)

Tuesday, October 10, 2017

අතුරුවැල්ල පාලමට මුල්ගල තැබේ...

  ඉතා දිගු කාලයක් පුරා  කඩා වැටීමට ඉතා ආසන්නව, අතුරුවැල්ල මැදගොඩ විහාරයට පිවිසෙන මාර්ගයේ  ඇල හරහා තිබූ අබලන් පාලම ඉවත් කර නව පාලමක් ඉදි කිරීමේ කටයුත්ත අද(2017/10/10) දිනයේ මුල් ගල තැබීමෙන් ආරම්භ විය.

Friday, September 1, 2017

ඡන්ද නාම ලේඛනයට නිවැරදි තොරතුරු ඇතුලත්දැයි සැප්තැම්බර් 06 දාට පෙර බලන්න

2017 වසර සඳහා ඡන්ද නාම ලේඛනයට නම් ඇතුලත් විමේ අඩුකමක් හා දෝෂ දක්නට ලැබෙන බවත් ඉදිරියේදී පැවැත්විමට නියමිත ඡන්ද වලදී මෙය ගැටළුවක් විය හැකි බැවින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගොස් තමන්ගේ නම අදාල ඡන්ද නාම ලේඛනයට ඇතුලත් වි ඇත්දැයි සැප්පතැම්බර් 06 දිනට පෙර පරීක්ෂා කරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංව්ධාන ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.

Wednesday, July 5, 2017

බෝධිමළුව වසමේ වෛද්‍ය සායනය....

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 3 ඒ බෝධමළුව කොට්ඨාශයේ ආර්ථීක සංවර්ධන නිලධාරී සබීතා ද සිල්වා මහත්මිය සංවිධානය කරන ලද වෛද්‍ය සායනය 2017/06/29 දින සාර්ථකව පැවැත්වූ අතර ,

Wednesday, January 4, 2017

බෙන්තොට සංවර්ධන නිලධාරීන් පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් අඩු ආදායම් ලාභී නිවසකට විදුලිය..


පිලිකා රෝගයෙන් පීඩා විදින රෝගියකු සිටින අඩු ආදායම්ලාභී පවුලක් වෙසෙන නිවසකට විදුලිය ලබා ගැනීමට එම නිවස wirering(රැහැන් සැකසිම) බෙන්තොට ප්‍රා.ලේ. කාර්යාලයට අනුයුක්ත සංවර්ධන නිලධාරී අශෝක නයනජිත් මහතා ඇතුළු ආර්ථික සංවර්ධන නිලධාරීන් පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් සිදුවිය. කෙනෙකුට මෙය සුළු කටයුත්තක් ලෙස පෙනුනත් එම අසරන පවුලට මෙය මහඟු උපකාරයක් විය.මෙයට දායකත්වය දුන් සංවර්ධන නිලධාරී පිරිසට හදපිරි ආශීර්වාදය පතමු.