Friday, February 12, 2016

අහුවෙන්න එපා ! පිරමීඩ ජාවාරම නැවතත් රට පුරා....

  මේ දිනවල රටපුරාම වසංගතයක් මෙන් ව්‍යාප්තවී අැති  පිරමීඩ ජාවාරම පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ නැවත වැඩිපුර කතාබහ වෙමින් ඇති අතර තත්ත්වය කෙතරම් දුරට උත්සන්න වි ඇත්ද කිවහොත් පසුගිය දින කීපය තුලදී රහස් පොලිස් අවධානය යොමු වන තරමටම මෙම පිරමීඩ ජාවාරම වැඩි දියුණු වි ඇත.
   පෙර අවස්ථාවලදී මුදල් භාවිතය නිසා තම ව්‍යාපාරයට නීතිමය ගැටළු ඉස්මතුවූ බව වටහා ගත් ලෝක පිරමිඩ කරුවන් මෙවර ඉතාමත් කූට අයුරින් නීතියේ රැහැන් අතරින් රිංගා තම ව්‍යාපාර දිගු කාලයක් සිදු කිරීමට  මුදල් වෙනුවට භාණ්ඩ විකිණිම උපයොගී කරගෙන ඇතත් මේ තුලද සැඟවී ඇත්තේ පෙර තිබූ පිරමීඩ ජාවාරමම බව අවධාරණය කල යුතුය.

Sunday, February 7, 2016

බෙන්තොට කොට්ඨාශයේ සම්පත් පැතිකඩ තොරතුරු -2015




සම්පත් පැතිකඩ තොරතුරු -2015 (වසම උඩ ක්ලික් කරන්න)

No. 11C Galagama
No. 2 AnagodaNo. 11D Dobagahawatta
No. 2A WarahenaNo. 11E Kolaniya
No. 3 YathramullaNo. 12 Haburugala
No.3A BodimaluwaNo. 12A Thotakanatta
No. 3B SinharupagamaNo. 12B Thunduwa East
No.3C KommalaNo. 12C Thunduwa West
No. 3D Hunganthota WadumullaNo. 12D Sooriyagama
No. 5 DopeNo. 12E Elakaka
No. 5A KahagalleNo. 12F Viyanduwa
No.6 DedduwaNo. 13 Ranthotuvila
No.8 YalegamaNo. 13A Moragoda
No.8A GalbadaNo. 13B Malawala
No. 8B OlaganduwaNo. 14 Mahagoda
No. 8C AthuruwellaNo. 14A Miriswatta
No. 9 KaikawalaNo. 14B Mahavila East
No.9A Atawalawatta EastNo. 14C Mahavila West
No. 9B Atawalawatta WestNo. 14D Pilekubura
No. 9C HabakkalaNo. 14E Athungagoda
No. 10 KahawegammeddaNo. 40 Maha Uragaha
No. 10A WarakamullaNo. 40A Kotuwabaddahena
No. 10B AkadegodaNo. 40B Hipanwatta
No. 10C KandemullaNo. 40C Kuda Uragaha
No. 11 GonagalapuraNo. 40D Ihalamalawala
No. 11A MullegodaNo. 40E Delkabalagoda
No. 11B Galthuduwa





Tuesday, February 2, 2016

ලෝක තෙත් බිම් දිනය සැමරීමේ ගාලු දිස්ත්‍රික් වැඩසටහන බෙන්තොටදී ....

 ලෝක තෙත් බිම් දිනය සැමරීම වෙනුවෙන් ගාලු දිස්ත්‍රික් වැඩසටහන 2016 02 02 දින බෙන්තොට පහලගම් හය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී උත්සව සිරියෙන් පැවැත්වුනි.බෙන්තොට මානවතු කලපුව අසල රුක් රෝපණ වැඩසටහනක් සහ පහලගම්හය ගොවිජන මධ්‍යස්ථානයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මැතිණිය සහභාගී වූ අතර ගාල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂකතුමිය (සැලසුම්),බෙන්තොට ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ රජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද  සහභාගී විය. තවද විශේෂ ආරාධනාව මත ඇලකාක විදුහලේ පාසල් ළමුන් රැසක් ද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගී විය.

Monday, February 1, 2016

රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ පරිගනක පුහුණු වැඩසටහන- 2016/02/01

කාර්යාලය තුලදී හා නිවසේදී පරිගණකය භාවිතා කිරීමේදී මෙන්ම පරිගනකයක් මිලදී ගැනීමේදී නඩත්තු කිරීමේදී අත්‍යාවශයෙන් දැන සිටිය යුතු මූලික කරුණු පිළිබදව බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුවත්බව අඩු වීම ආරක්ෂාවට කාර්යක්ෂමතාවට මෙන්ම ඵලදායිතාවට සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි.මෙම තත්ත්වය මගහැර වඩාත් ඵලදායී ලෙස කටයුතු කිරීම පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වටිනා දේශනයක් අද (2016/02/01) දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.