Monday, December 21, 2015

හිපන්වත්ත ප්‍රජා ශාලාව විවෘත කෙරේ....

 විස්තර - හිපන්වත්ත ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් සමඟ සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන
 ඡායාරූප හා වීඩියෝ - බී.ඩී. චන්දන ප්‍රභාත්

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හිපන්වත්ත වසමේ 2015 ලක්ෂ 10 සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ ප්‍රජා ශාලාවේ බිම් මහලේ වැඩ නොබෝදා අවසන් වූ අතර අද දින (2015 දෙසැම්බර් 21 සදුදා ) හවස 3 ට යෙදි තිබූ සුභ මොහොතින් ජනමාධ්‍ය හා තොරතුරු ඇමති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මැතිතුමා අතින් ජනතා අයිතියට පත්විය. මහා සංඝරත්නයේ ආශීර්වාද සෙත් මැද ආරම්භ වූ මෙම විශේෂ අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මැත්තුමා,බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න මැතිතුමාද සහභාගී විය.
    වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් ග්‍රාම නිලධාරී ටී. රුවන් සම්පත් ,කෘ.ප.නි.ස නිලධාරී අබේරත්න සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන සමෘද්ධි නිලධාරී ඇතුළු වසමේ සියළුම කෙෂත්‍ර නිලධාරීන්  මෙන්ම ගම්වැසියන් එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම ප්‍රජා ශාලාව වැඩ අවසන් කිරීම වසමේ කාලයක් පැවති ප්‍රධාන ගැටළුවකට විසදුමක් විය.
  මෙහි විශේෂ අවස්ථා ඡායාරූප හා වීඩියෝවක් පහතින්..