Wednesday, January 4, 2017

බෙන්තොට සංවර්ධන නිලධාරීන් පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් අඩු ආදායම් ලාභී නිවසකට විදුලිය..


පිලිකා රෝගයෙන් පීඩා විදින රෝගියකු සිටින අඩු ආදායම්ලාභී පවුලක් වෙසෙන නිවසකට විදුලිය ලබා ගැනීමට එම නිවස wirering(රැහැන් සැකසිම) බෙන්තොට ප්‍රා.ලේ. කාර්යාලයට අනුයුක්ත සංවර්ධන නිලධාරී අශෝක නයනජිත් මහතා ඇතුළු ආර්ථික සංවර්ධන නිලධාරීන් පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් සිදුවිය. කෙනෙකුට මෙය සුළු කටයුත්තක් ලෙස පෙනුනත් එම අසරන පවුලට මෙය මහඟු උපකාරයක් විය.මෙයට දායකත්වය දුන් සංවර්ධන නිලධාරී පිරිසට හදපිරි ආශීර්වාදය පතමු.