Friday, January 1, 2016

2016 නව වසරේ අපේ ඇරඹුම ....

  බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව 2016 වසරේ ආරම්භක දිනය වූ අද දින (2016 ජනවාරි 01) කාර්යාලයේ සියළුම නිලධාරීන් වාගේ සහභාගී වූ විචිත්‍ර දිනයක් විය.උදෑසන 8.30 ට පමණ ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතාගේ මූලිකත්වයෙන් කාර්යාලය ඉදිරිපිට ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කොට නිලධාරීන් සියළු දෙනා නව වසරේ රාජ්‍ය සේවා දිව්රුම දීම සිදු කලහ.අනතුරුව මහා සංඝරත්නය වැඩමවා ආගමික කටයුතු සිදු කිරීමෙන් පසු සියළුම දෙනා නව වසරේ කෑම මේසය ඉදුල් කිරීම සිදු කර සතුටු සිතින් නව වසරේ කාර්යාලයේ තම රාජකාරි ආරම්භ කලහ.