Sunday, October 15, 2017

බෙන්තොට ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් තවත් අඩු ආදායම්ලාභී පවුලකට හිසට සෙවනක්..


බෙන්තොට කොට්ඨාශයේ ඉහල මාලවල වසමේ අඩු ආදායම්ලාභී පවුලක් වන ටී.එච්. සෝමවතී මහත්මියගේ ඉදිකෙරෙමින් පවතින නිවසේ වහල ගැසීම සඳහා ශ්‍රම දායකත්වය සපයා එම නිවස සෑදිමේ කටයුත්ත කඩිනම් කිරීම ඉහල මාලවල වසමේ ආර්.සං.නිලධාරී චූලක කුමාර මහතා ප්‍රමුඛ ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් 2017/08/29 දින සාර්ථකව සිදු කෙරුනි.

Thursday, October 12, 2017

කහගල්ල වසමේ දිළිඳු පවුල් වෙනුවෙන් වියලි ආහාර,ඇඳුම්,පාසැල් උපකරණ බෙදා දිමක්....

හුංගන්තොට - වඩුමුල්ල වසමේ ආර්.සංවර්ධන නිලධාරී මංජුලා පීරිස් මහත්මියගේ මෙහෙයවිම මත කහගල්ල වසමේ ආර්.සං.නිලධාරී එච්.එම්.ආර්. උදයමාලා මහත්මිය විසින් තෝරාගත් දරුවන් 5 දෙනෙකු සිටින දිළිඳු පවුල් කිහිපයක් උදෙසා වියලි ආහාර,ඇඳුම්,පාසැල් උපකරණ බෙදා දිමක් 2017/10/10 දින හුංගන්තොට වඩුමුල්ල ආර්.සං.නිලධාරී කාර්යාලයේදී පැවැත්වුනි.
    හුංගන්තොට වසන කුලතුංග මහතා සහ වයලට් චන්ද්‍රාණි යුවලගේ පුත් ග්‍රීසියේ ඇතන්ස් පදිංචි කිත්සිරි චමින්ද මහතා මේ සඳහා සම්පූර්ණ අනුග්‍රහය දැක්වූ අතර වසමේ සමාද්ධි සංවර්ධන නිලධාරී හා කා.ප.නි.ස නිලධාරී මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී විය.









ලෝක ළමා දින වැඩසටහන - 5 එ් කහගල්ල

 ලෝක ළමා දිනය වෙනුවෙන් කහගල්ල රන්දාගොඩ ශ්‍රී දේවප්‍රියාරාමයේදී වැඩසටහන් පෙලක් උත්සවාකාරයෙන් පැවැත්වුනි.එම වැඩසටහන් අතර
       * ළමා චිත්‍ර හා නිර්මාණ ප්‍රදර්ශණය හා ත්‍යාග ප්‍රදානය
      * ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී සුජීවා මහත්මිය ඇතුළු දේශකයන් සහභාගී වූ දේශණ වැඩසටහන
      * සිඟිති දරුවන්ගේ විවිධ ප්‍රසංගයක්
     
මෙම අවස්ථා පහතින් (විස්තර හා ඡායාරූප කහගල්ල වසමේ ආර්ථික සං. නිලධාරිණි එච්.එම්.ආර්. උදයමාලා)

Tuesday, October 10, 2017

අතුරුවැල්ල පාලමට මුල්ගල තැබේ...

  ඉතා දිගු කාලයක් පුරා  කඩා වැටීමට ඉතා ආසන්නව, අතුරුවැල්ල මැදගොඩ විහාරයට පිවිසෙන මාර්ගයේ  ඇල හරහා තිබූ අබලන් පාලම ඉවත් කර නව පාලමක් ඉදි කිරීමේ කටයුත්ත අද(2017/10/10) දිනයේ මුල් ගල තැබීමෙන් ආරම්භ විය.