Tuesday, October 10, 2017

අතුරුවැල්ල පාලමට මුල්ගල තැබේ...

  ඉතා දිගු කාලයක් පුරා  කඩා වැටීමට ඉතා ආසන්නව, අතුරුවැල්ල මැදගොඩ විහාරයට පිවිසෙන මාර්ගයේ  ඇල හරහා තිබූ අබලන් පාලම ඉවත් කර නව පාලමක් ඉදි කිරීමේ කටයුත්ත අද(2017/10/10) දිනයේ මුල් ගල තැබීමෙන් ආරම්භ විය.

    ගරු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා,ගරු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමා දකුණු පලාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර මැතිතුමා,බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ගයාන් සිරිමාන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මුල්ගල් තැබීමේ උත්සවයට බෙන්තොට ප්‍රාදේශීය මහ ලේකම් වසන්ත විතානගේ මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාරයාලයේ නිලධාරී මහත්ම මහත්මියන්, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය ඇතුළු නිලධාරී මහත්ම මහත්මින් පාලම ඉදිකිරීමේ කටයුත්තට සම්බන්ධ ආයතන වල නිලධාරීන්,ප්‍රාදේශීය දේශපාලකයන්,ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
   දකුණු පළාත් ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙම නව පාලම වෙනුවෙන් ඇස්තමේන්තු ගත මුදල දළ වශයෙන් රුපියල් කෝටි හතරකි.
          මෙහි විශේෂ අවස්ථා පහතින්....
  






අතුරුවැල්ල පාලම ගැන පෙර පලකල ලිපිය මෙතනින්