Sunday, October 15, 2017

බෙන්තොට ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් තවත් අඩු ආදායම්ලාභී පවුලකට හිසට සෙවනක්..


බෙන්තොට කොට්ඨාශයේ ඉහල මාලවල වසමේ අඩු ආදායම්ලාභී පවුලක් වන ටී.එච්. සෝමවතී මහත්මියගේ ඉදිකෙරෙමින් පවතින නිවසේ වහල ගැසීම සඳහා ශ්‍රම දායකත්වය සපයා එම නිවස සෑදිමේ කටයුත්ත කඩිනම් කිරීම ඉහල මාලවල වසමේ ආර්.සං.නිලධාරී චූලක කුමාර මහතා ප්‍රමුඛ ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් 2017/08/29 දින සාර්ථකව සිදු කෙරුනි.

    සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා ඩබ්.කේ.ඒ.එස්. දමයන්ති මහත්මියගේ මඟපෙන්විම අනුව ජීවනෝපාය සංවර්ධන හා ආර්ථික අපහසුතා ඇති පවුල් නඟා සිටුවීමේ වැඩසටහන යටතේ මෙම පිළිසරණමය කටයුත්ත සිදුවූ අතර බෙන්තොට ආර්ථික සංවර්ධන නිලධාරීන් එක්ව මෙවැනි පිළිසරණ කටයුතු කිහිපයකටම දායකත්වය ලබා දි ඇත.
 ටී.එච්. සෝමවතී මහත්මියගේ පවුල පදිංචි පැරණි නිවසත් අළුත් නිවසේ වහලේ වැඩ කටයුතු සඳහා ආර්ථික සං.නිලධාරීන් දායකත්වය ලබා දෙන අයුරුත් පහත සේයාරූ වලින් දැක ගත හැක.