Monday, February 1, 2016

රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ පරිගනක පුහුණු වැඩසටහන- 2016/02/01

කාර්යාලය තුලදී හා නිවසේදී පරිගණකය භාවිතා කිරීමේදී මෙන්ම පරිගනකයක් මිලදී ගැනීමේදී නඩත්තු කිරීමේදී අත්‍යාවශයෙන් දැන සිටිය යුතු මූලික කරුණු පිළිබදව බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුවත්බව අඩු වීම ආරක්ෂාවට කාර්යක්ෂමතාවට මෙන්ම ඵලදායිතාවට සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි.මෙම තත්ත්වය මගහැර වඩාත් ඵලදායී ලෙස කටයුතු කිරීම පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වටිනා දේශනයක් අද (2016/02/01) දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.

     පරිගනක විද්‍යා ගෞරව උපාධිදාරියෙකු වූ බෙන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේම සේවයේ නියුතු රෙෂාන් චානක නිශ්ශංක මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වූ මෙම දේශනයේදී සංවර්ධන නිලධාරීන් ග්‍රාම නිලධාරීන්  කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අවශ්‍ය පරිගනක විද්‍යා මූලික සංකල්ප මෙන්ම කාර්යාලයේදී නිවසේදී පරිගනක ආධාන ප්‍රතිධාන උපාංග සමග වැඩ කිරීමේදී ආරක්ෂාකාරීව හා ඵලදායි අයුරින් එම උපාංග භාවිතා කල යුතු ,කරන ආකාරය පිළිබදවත් පරිගනකයක් මිලදී ගැනීමේදී මෙන්ම පවත්වා ගෙන යාමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබදවත් මූලික වශයෙන් දැනුවත් කෙරුනි.බෙන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ සේවයේ නිරත, කාර්යාලයට අනුයුක්ත සංවර්ධන හා කලමනාකරන සහකාර නිලධාරීන් මෙන්ම ආර්ථික සංවර්ධන නිලධාරීන් ග්‍රාම නිලධාරීන්,...ඇතුළු රාජ්‍ය නිලධාරීන් රාශියක් මෙම වැඩසටහනට සහභාගී විය.