Tuesday, February 2, 2016

ලෝක තෙත් බිම් දිනය සැමරීමේ ගාලු දිස්ත්‍රික් වැඩසටහන බෙන්තොටදී ....

 ලෝක තෙත් බිම් දිනය සැමරීම වෙනුවෙන් ගාලු දිස්ත්‍රික් වැඩසටහන 2016 02 02 දින බෙන්තොට පහලගම් හය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී උත්සව සිරියෙන් පැවැත්වුනි.බෙන්තොට මානවතු කලපුව අසල රුක් රෝපණ වැඩසටහනක් සහ පහලගම්හය ගොවිජන මධ්‍යස්ථානයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මැතිණිය සහභාගී වූ අතර ගාල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂකතුමිය (සැලසුම්),බෙන්තොට ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ රජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද  සහභාගී විය. තවද විශේෂ ආරාධනාව මත ඇලකාක විදුහලේ පාසල් ළමුන් රැසක් ද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගී විය.