Saturday, January 30, 2016

ක්‍රීඩා හා ශරීිර සුවතා ප්‍රවර්ධන ජාතික හා විශේෂ දිනය බෙන්තොට කොට්ඨාශය තුල ක්‍රියාවට නැංවේ.....

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ඉදිරිචත් කරන ලද යෝජනාවකට අනුව බෙන්තොට කොට්ඨාශයේ ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන පාගමන හා ශරීර සුවතා ව්‍යායාම වැඩසටහන 2015/01/29 දින උදේ වරුව තුලදී පැවැත්වුනි.
    ගරු ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ,බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ,ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ,බෙන්තොට පොලිසීයේ නිලධාරීන් බෙන්තොට ක්‍රීඩා සමාජ නිලධාරීන් ඇතුළු සාමාජිකයන් ප්‍රදේශයේ ප්‍රජා හා සුභසාධන සමිති සමාගම් නිලධාරීන් පාසැල් සිසුන් කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු ප්‍රදේශයේ විශාල ජනකායක් මෙම විශේෂ අවස්ථාවට සහභාගී විය.
   මෙම වැඩසටහනේ විශේෂ අවස්ථා ඡායාරූප හා වීඩියෝ පහතින්...