Tuesday, January 5, 2016

හිපන්වත්ත වසමේ දිළිදු පවුල් දරුවන්ට පාසැල් පොත් හා සපත්තු බෙදා දීම - 2016 01 03

හිපන්වත්ත වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් මහතාගේ සංකල්පයකට අනුව එම වසමේ දිළිඳු පවුල් වල පාසැල් දරුවන් වෙනුවෙන් පාසැල් පොත් සහ සපත්තු කුට්ටම් නොමිලේ බෙදා දීමක් සිදුවිය.සපත්තු කුට්ටම් 16 සමඟ පිටු 120 පොත් 100 ක් දරුවන් වෙත ලබා දුන් අතර මෙම ත්‍යාගයන්  පාසැල් දරැවන්ට ලබා දීමට පහත සඳහන් ආයතන හා පුද්ගලයන් දායක විය.

   
 සපත්තු සඳහා -   * කුරුඳුගහ DSI ආයතනය
                           * ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත්
                           * ග්‍රාම නිලධාරී ටී.රුවන් සම්පත්
                           * ලංකා ෆාමසි උෘරගස්මන්හන්දිය
                           * ඉන්දික සමන්ත සමරවීර -උෘරගස්මන්හන්දිය



පාසැල් පොත් -
                    හිපන්වත්ත ග්‍රාම සංවර්ධන සමිති සභාපති එල්.ජී. අබේරත්ත මහතාගේ දැනුම්දීමෙන් බෙන්තර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න මහතා

  බෙන්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂ දමයන්ති මහත්මිය,සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන කෘ.ප.නි.ස. නිලධාරී අබේරත්න මහතා වසමේ ප්‍රජා සමිත් නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගේ මෙන්ම ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් මෙම  ත්‍යාග ප්‍රදාන උත්සවය පැවැත්වුනි
   ත්‍යාග ලැබූ දරුවන් සතුටුන් හා ගෞරවයෙන් තමන්ගේ ත්‍යාග ලබා ගත් අතර වසමේ දිළිඳු පවුල් දරුවන් වෙනුවෙන් සුළුවෙන් වුවද කල මේ  කටයුත්ත ප්‍රසංසා කල යුතු උතුම් මහඟු පුන්‍ය කටයුත්තක් බව මෙම අවස්ථාවට සහභාගි වූ සෑම දෙනාම පැවසූහ.
    මෙහි විශේෂ අවස්ථා පහතින්....