Monday, March 18, 2024


එස්ලෝන් ලංකා පුද්ගලික සමාගම , නිව්ස් ෆස්ට් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  එක්ව ක්‍රියාත්මක කරන රුක් රෝපණ වැඩසටහනේ තවත් අදියරක් 2024.03.17 වන දින බෙන්තොට ගාමිණි ජාතික පාසලේ ප්‍රථමික අංශයේ සිදු කරන ලදි. පාසල් භූමියේ පැල සියයක් පාසල් භූමියේ රෝපණය කිරීම සිදුවිය.

මෙම වැඩසටහන සඳහා එස්ලෝන් ලංකා පුද්ගලික සමාගම නියෝජනය කරමින් එහි ප්‍රාදේශීය අලෙවි නියෝජිත ඉශාර මහතා එක්ව සිටි අතර ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක උපුල් මහතා ,පරිසර නිළධාරී මහතා ,විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ඇතුලු ආචාර්‍ය මණ්ඩලය,දෙමව්පියන් සහ පැල රැක බලාගන්නා දරුවන් එක්විය.



























No comments: