Monday, November 21, 2016

බෙන්තොට කොට්ඨාශයේ නිල මෙහෙවර සාර්ථකව නිමවේ...

නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වැඩසටහන  2016.11.17 දින ගෝනගල පිරිවෙන් පරිශ්‍රයේදී හා තවත් කලාප 03 කදී ඉතා සාර්ථකව පැවැත්වීමට හැකිවිය.

   මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා, ජනමාධ්‍ය ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඇතුළු මැති ඇමති වරුන් රැසක් හා ස්වදේශ කටයුතු ලේකම්, ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සමාරම්භක උත්සවය සඳහා සහභාගී විය. තවද මෙම නිල මෙහෙවර ජංගම සේවය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන 80කින් බෙන්තොට මහජනතාව උදෙසා සේවා සැපයීමට සහභාගී වූ අතර එයට සහභාගී වූ රාජ්‍ය හා අනෙකුත් නිලධාරීන් පිරිස 800කට වැඩි විය.
  නිල මෙහෙවර උත්සව සභාවේ සහ ජංගම සේවයේ ඡායාරූප පහතින්...