Thursday, September 8, 2016

බෙන්තොට ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් අඩු ආදායම්ලාභී පවුලකට හිසට සෙවනක්..


බෙන්තොට කොට්ඨාශයේ මහ ඌරගහ වසමේ අඩු ආදායම්ලාභී පවුලක් වන එච්.ජී. මහේෂිකා මධුවන්ති මහත්මියගේ ඉදිකෙරෙමින් පවතින නිවසේ වහල ගැසීම සඳහා ශ්‍රම දායකත්වය සපයා එම නිවස සෑදිමේ කටයුත්ත කඩිනම් කිරීම බෙන්තොට ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් 2016/09/08 දින සාර්ථකව සිදු කෙරුනි.

       සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා ඩබ්.කේ.ඒ.එස්. දමයන්ති මහත්මියගේ මඟපෙන්විම අනුව ජීවනෝපාය සංවර්ධන හා ආර්ථික අපහසුතා ඇති පවුල් නඟා සිටුවීමේ වැඩසටහන යටතේ  සිදුවූ මෙම කටයුත්ත සදහා ආර්ථික සංවර්ධන නිලධාරී චූලක කුමාර මහතාගේ වාස්තු විද්‍යා /තාක්ෂණ දැනුම, ශ්‍රමය මූලික විය.