Thursday, August 25, 2016

බෙන්තොට ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් දිළිඳු පවුලකට වැසිකිළියක්....


 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දෙල්කබලගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ වැසිකිළි පහසුකම් නොමැති දිළිඳු පවුලක් වෙනුවෙන් වැසිකිළියක් සාදා දීම පසුගියදා සාර්ථකව නිම කෙරුණි.සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා ඩබ්.කේ.ඒ.එස්. දමයන්ති මහත්මියගේ මඟපෙන්විම යටතේ සිදුකෙරුණු මෙම කටයුත්ත දෙල්කබලගොඩ වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී එච්.දීප්ති මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදුවුනි.