Thursday, August 25, 2016

පාරිභෝගික අයිතිවාසිකම්,වගකීම හා සුරක්ෂිත භාවය පිළිබඳ දැනුවත් කිරීමේ දේශණය -2016/08/25


*  “ විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් හා වගකිම් , විදුලි පාරිභෝගික පැමිණිලි හා ආරවුල් විසඳිමේ ක්‍රියාපටිපාටිය හා විදුලි අනතුරු වලක්වා ගැනීමට පොදු උපදෙස්“

* “පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්,වගකීම හා සුරක්ෂිත භාවය හා පාරිභෝගිකයන් දැනුවත් විය යුතු මූලික කරුණු“

 පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්  2016/08/25 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි.ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිශන් සභාව හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මඟින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වුනු අතර  “පාරිභෝගික ක්‍රියාවලියේදී ප්‍රජා නායකයාගේ වගකීම“ මැයෙන්  ආචාර්ය විමල් දිසානායක මහතා විසින් පැවැත්විවූ ශේෂ දේශණයද මෙම වැඩසටහනට අයත් විය.