Wednesday, June 5, 2024

 ජුනි 05 වන දින ජගත් පරිසර දින සැමරුම් වැඩසටහනට අදාලව අද දින (ජුනි 04) දින බෙන්තොට වෙරළ තීරයේ පැවති සැමරුම් වැඩසටහන


ජගත් පරිසර දිනයට අදාළව පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පරිසර සැමරුම් වැඩසටහනක් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් බන්දුල අබේසේකර මහතා ඇතුළු කාර්යය මණ්ඩල නිලධාරින්, අනෙකුත් රාජ්‍ය ආයතන හා ප්‍රදේශයේ පාසැල් ළමුන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස බෙන්තොට වෙරළ උද්‍යාන පරිශ්‍රයේදී අද දින (04) පැවැත්විණ.


ඒ අනුව ජුනි 04 වන දිනට යෙදී තිබෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය වෙනුවෙන් පා ගමනක්, වෙරළ තීරයේ පොල් පැළ සිටුවීම, දැනුවත් කිරීමේ නාම පුවරු සවි කිරීම හා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ආදී ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කරන ලදී.






























Wednesday, May 29, 2024

 ව්‍යාපාර අදහස් උත්පාදන වැඩමුළුව (way to business)  ව්‍යවසායකයන් 18 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2024.05.28 දින බෙන්තොට  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී  පවත්වන ලදි.මෙ සදහා සම්පත් දායකත්වය ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ  ව්‍යවසායකත්ව පුහුණු නිලධාරී ඉන්දිකා චතුරංගනී  මහත්මිය විසින් සපයන ලදී.








Tuesday, May 28, 2024

 204.05.27 දින පැවැති SED Mini Fair අලෙවි ප්‍රදර්ශනය බෙන්තොට.









Sunday, May 19, 2024

2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරිමට නියමිත වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවේ හතරවන වැඩසටහන ලෙස වරාහේන  වසමේ සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන 2024.05.17 දින වරාහේන  වෙරළ තිරයේදි පැවැත්වුනි.







Tuesday, April 30, 2024

 2024.04.30 දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයින්ට ගිණුම්පොත් තබාගැනිමේ වැඩසටහන (Accounting program) ගාල්ල දිස්ත්‍රික්  කුඩා ව්‍යාපාර සංවර්ධ අංශයේ සම්පත් දායකත්වයෙන්   බෙන්තොට  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී   පැවැත්විණි.











Thursday, April 11, 2024

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කල SED MINI FAIR  අවුරුදු පොළ  2024.04.10 දින කාර්යාලයීය පරීශ්‍රයේදී පැවත්විණ .

















Friday, April 5, 2024

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබු  නවව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂිත ව්‍යවසායකයන් හා දැනට ව්‍යාපාර ආරම්භ කර ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබු. ව්‍යාපාර අභිප්‍රේරණ හා දැනුවත් කිරීමේ වැඩසටහන බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිරිස්වත්ත  ග්‍රාමනිලධාරි වසමේ ප්‍රජාශාලා  පරීශ්‍රයේදී 2024.04.05 දින පැවැත්වින.