Wednesday, June 15, 2016

රාජ්‍ය නිලධාරීන් සඳහා වූ රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගයට ඉල්ලුම් කිරීම අන්තර්ජාලය හරහා .....


රාජ්‍ය නිලධාරීන් සඳහා වූ රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගයට ඉල්ලුම් කිරීම අන්තර්ජාලය හරහා පමණක් සිදු කිරීමට තීරණය වී ඇති අතර මින් ඉදිරියටද මෙම විභාගය සඳහා ගැසට් නිවේදනයක් නිකුත් නොකරන අතර විභාගය සදහා ලියා පදිංචි වීම රාජ්‍ය භාෂා දෙපාර්තමේනතුවේ www.languagesdept.gov.lk අඩවිය ඔස්සේ පමණක් සිදු කරයි.


 මෙම විභාගය සදහා රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.දඩල්ලගේ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්,පලාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යවන ලද ලිපිය පහත images තුනෙන් දැක්වෙන අතර 2014/01/21 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01 /2014 අනුව අ.පො.ස.(සා/පෙළ) දෙවන බස (සිංහල/දෙමළ) සමත් සංවර්ධන නිලධාරී අපහට අදාල වනුයේ පහත ලිපියේ 5. කොටසට අදාලව අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණයේ ii ප්‍රවිණතා මට්ටමට (රු700 විභාග ගාස්තුව) අදාලවයි.(විභාග ගාස්තු බැංකුවට ගෙවන ආකාරය ලිපියේ 05.4 කොටසේ දක්වා ඇත.පින්තූරය අපැහැදිලි නම් එය උඩ  Right click කර open link in new tab/window ගොස් විශාල කර බලන්න




වෙබ් අඩවිය ඔස්සේ විභාගයට ලියාපදිංචි වීමට මෙතනින් යන්න.



පහත රූපයේ 


දැක්වෙන ආකාරයට( step 1 of 4) මගින් ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය,ඊමේල් ලිපිනය හා ජංගම දුරකථන අංකය සඳහන් කර  Next ගොස් ඒ සමඟ ඔබගේ  ඊමේල් ලිපිනයට sign in වී එයට ලැබී ඇති verification code අංකය (step 2 of 4) හි සඳහන් කොට Next ගොස් (step 3 of 4 ) මගින් ලැබෙන  විභාග අයදුම්පත් පෝරමය නිවැරදිව පුරවා (පෝරමයේ ආදර්ශ පින්තූරයක් පහතින් දක්වා ඇත.) අවසානයේ තහවුරු කිරීමේ කේතය (Enter the characters as seen on the image above (case insensitive) ලෙස සදහන්ව ඇති) ඇතුලත් කොට Submit(යොමු කරන්න) කිරීම සිදු කරන්න.



* * ප.ලි.     ආදර්ශ අයදුම්පත්‍රය සිංහලෙන් තිබුනට ඔන්ලයින් පෝරමය පුරවන්න තියෙන්නේනම්  ඉංග්‍රීසියෙන් .. ඒ වගේම රෙජිස්ටර් වෙනකොට පෝර්ම් එකට තොරතුරු එකතු කිරීම කලබල හා බය නැතිව එකදිගට සරලව කරන්න  පෝර්ම් එක පුරවන අතරතුර පෝරමය සහිත ටැබ් එක close , back  ,......වගේ දේවල් කරන්න ගියොත් නැවත මුල ඉදල කරල ඊමේල් එකට එන අළුත් verification code එක දීල ඉදිරියට යන්න වෙනවා. නිවැරදිව ලියා පදිංචි වීම සිදුවූ පසු තමන්ගේ ඊමේල් එකට Department of Official Lan. එකෙන් තමන් විභාගයට සාර්ථකව ලියාපදිංචි වූ බව දන්වල ලියාපදිංචි තොරතුරුත්ප එක්ක පහල තියෙනව වගේ ඊමේල් එකක් ඒවි..