Monday, December 8, 2025

 “ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දුෂණය අවසන් කරමු “ යන තේමාවට අදාලව ඉදුරුව මහා විද්යාලයේ 2025.11.04 දින සිදුකරන ලද දැනුවත් කිරිමේ වැඩසටහන හා එම පාසල සඳහා කසල බදුන් 04 ක් ලබා දිම සිදු කරන ලදී. අදාල දැනුවත් කිරිම Parley for The Ocean සංවිධානය විසින් සිදු කරන ලදි.











Wednesday, July 30, 2025

 “පිරිසිදු වෙරළක් - ආකර්ශණිය සංචාරක ගමනාන්තයක්” තේමාව යටතේ සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන ගාල්ල හමුදා කදවුර මුලිකත්වයෙන් අද දින (ජුලි 29 ය) සිදු කරන ලද අතර මේ යටතේ බෙන්තොට මෝය අසල වෙරළ තිරය හා කයිකාවල වෙරළ තිරය පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරන ලදි.

මේ සඳහා යුද්ධ හමුදා නිලධාරින්,ප්රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් ,ප්රාදේශිය සභා නිලධාරින් ,මධ්යම පරිසර අධිකාරියේ නිලධාරින්,මහජන සෞඛ්ය පරික්ෂක කාර්යාල නිලධාරින්,කොට්ඨාසයේ ස්වේච්ජා සංවිධන (ග්රාම සංවර්ධන සමිති,වැඩිහිටි සමිති...) හා සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ සෘජු හා වක්ර රැකියා කරනවල නිරත වන පුද්ගලයින් සහභාගි වන ලදි.





















Thursday, July 10, 2025

 පාසල් දැනුවත් කිරිමේ වැඩසටහන යටතේ - ඉදුරුව මහා විද්‍යාලයේ පැවති පාරිසරික ආචාරධර්ම පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහන.මේ යටතේ 3R සංකල්ප ගැන පාසල් සිසුන් දැනුවත් කිරිම සිදු කර අතර බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා සංවර්ධන නිලධාරි කල්ප රංගන මහතා විසින් අදාල වැඩසටහන පවත්වන ලදි.











Monday, June 30, 2025

SED Mini Fair ජුනි මස 26 හා 27 යන දෙදින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.