Friday, February 12, 2016

අහුවෙන්න එපා ! පිරමීඩ ජාවාරම නැවතත් රට පුරා....

  මේ දිනවල රටපුරාම වසංගතයක් මෙන් ව්‍යාප්තවී අැති  පිරමීඩ ජාවාරම පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ නැවත වැඩිපුර කතාබහ වෙමින් ඇති අතර තත්ත්වය කෙතරම් දුරට උත්සන්න වි ඇත්ද කිවහොත් පසුගිය දින කීපය තුලදී රහස් පොලිස් අවධානය යොමු වන තරමටම මෙම පිරමීඩ ජාවාරම වැඩි දියුණු වි ඇත.
   පෙර අවස්ථාවලදී මුදල් භාවිතය නිසා තම ව්‍යාපාරයට නීතිමය ගැටළු ඉස්මතුවූ බව වටහා ගත් ලෝක පිරමිඩ කරුවන් මෙවර ඉතාමත් කූට අයුරින් නීතියේ රැහැන් අතරින් රිංගා තම ව්‍යාපාර දිගු කාලයක් සිදු කිරීමට  මුදල් වෙනුවට භාණ්ඩ විකිණිම උපයොගී කරගෙන ඇතත් මේ තුලද සැඟවී ඇත්තේ පෙර තිබූ පිරමීඩ ජාවාරමම බව අවධාරණය කල යුතුය.

Sunday, February 7, 2016

බෙන්තොට කොට්ඨාශයේ සම්පත් පැතිකඩ තොරතුරු -2015




සම්පත් පැතිකඩ තොරතුරු -2015 (වසම උඩ ක්ලික් කරන්න)

No. 11C Galagama
No. 2 AnagodaNo. 11D Dobagahawatta
No. 2A WarahenaNo. 11E Kolaniya
No. 3 YathramullaNo. 12 Haburugala
No.3A BodimaluwaNo. 12A Thotakanatta
No. 3B SinharupagamaNo. 12B Thunduwa East
No.3C KommalaNo. 12C Thunduwa West
No. 3D Hunganthota WadumullaNo. 12D Sooriyagama
No. 5 DopeNo. 12E Elakaka
No. 5A KahagalleNo. 12F Viyanduwa
No.6 DedduwaNo. 13 Ranthotuvila
No.8 YalegamaNo. 13A Moragoda
No.8A GalbadaNo. 13B Malawala
No. 8B OlaganduwaNo. 14 Mahagoda
No. 8C AthuruwellaNo. 14A Miriswatta
No. 9 KaikawalaNo. 14B Mahavila East
No.9A Atawalawatta EastNo. 14C Mahavila West
No. 9B Atawalawatta WestNo. 14D Pilekubura
No. 9C HabakkalaNo. 14E Athungagoda
No. 10 KahawegammeddaNo. 40 Maha Uragaha
No. 10A WarakamullaNo. 40A Kotuwabaddahena
No. 10B AkadegodaNo. 40B Hipanwatta
No. 10C KandemullaNo. 40C Kuda Uragaha
No. 11 GonagalapuraNo. 40D Ihalamalawala
No. 11A MullegodaNo. 40E Delkabalagoda
No. 11B Galthuduwa





Tuesday, February 2, 2016

ලෝක තෙත් බිම් දිනය සැමරීමේ ගාලු දිස්ත්‍රික් වැඩසටහන බෙන්තොටදී ....

 ලෝක තෙත් බිම් දිනය සැමරීම වෙනුවෙන් ගාලු දිස්ත්‍රික් වැඩසටහන 2016 02 02 දින බෙන්තොට පහලගම් හය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී උත්සව සිරියෙන් පැවැත්වුනි.බෙන්තොට මානවතු කලපුව අසල රුක් රෝපණ වැඩසටහනක් සහ පහලගම්හය ගොවිජන මධ්‍යස්ථානයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මැතිණිය සහභාගී වූ අතර ගාල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂකතුමිය (සැලසුම්),බෙන්තොට ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ රජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද  සහභාගී විය. තවද විශේෂ ආරාධනාව මත ඇලකාක විදුහලේ පාසල් ළමුන් රැසක් ද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගී විය.

Monday, February 1, 2016

රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ පරිගනක පුහුණු වැඩසටහන- 2016/02/01

කාර්යාලය තුලදී හා නිවසේදී පරිගණකය භාවිතා කිරීමේදී මෙන්ම පරිගනකයක් මිලදී ගැනීමේදී නඩත්තු කිරීමේදී අත්‍යාවශයෙන් දැන සිටිය යුතු මූලික කරුණු පිළිබදව බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුවත්බව අඩු වීම ආරක්ෂාවට කාර්යක්ෂමතාවට මෙන්ම ඵලදායිතාවට සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි.මෙම තත්ත්වය මගහැර වඩාත් ඵලදායී ලෙස කටයුතු කිරීම පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වටිනා දේශනයක් අද (2016/02/01) දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.

Saturday, January 30, 2016

ක්‍රීඩා හා ශරීිර සුවතා ප්‍රවර්ධන ජාතික හා විශේෂ දිනය බෙන්තොට කොට්ඨාශය තුල ක්‍රියාවට නැංවේ.....

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ඉදිරිචත් කරන ලද යෝජනාවකට අනුව බෙන්තොට කොට්ඨාශයේ ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන පාගමන හා ශරීර සුවතා ව්‍යායාම වැඩසටහන 2015/01/29 දින උදේ වරුව තුලදී පැවැත්වුනි.
    ගරු ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ,බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ,ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ,බෙන්තොට පොලිසීයේ නිලධාරීන් බෙන්තොට ක්‍රීඩා සමාජ නිලධාරීන් ඇතුළු සාමාජිකයන් ප්‍රදේශයේ ප්‍රජා හා සුභසාධන සමිති සමාගම් නිලධාරීන් පාසැල් සිසුන් කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු ප්‍රදේශයේ විශාල ජනකායක් මෙම විශේෂ අවස්ථාවට සහභාගී විය.
   මෙම වැඩසටහනේ විශේෂ අවස්ථා ඡායාරූප හා වීඩියෝ පහතින්...

Wednesday, January 27, 2016

බෙන්තොට කොට්ඨාශයේ වැසිකිළි පහසුකම් නැති නිවාස අවම කරමු.


    
ඉහත සේයාරුව දකින විටම ඔබට පිළිකුලක්,අප්‍රසන්නතාවක් ඇතිවනු නිසැකය.සමහර විට මෙය නරඹන ඔබ ආහාර ගනිමින් සිටින අවස්ථාවක් වුවහොත් පිළිකුල සමඟ කෝපයක්ද ඇතිවනු ඇත.රාජ්‍ය ලාංඡනය සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක “සංවර්ධන නිලධාරීන්“ සඳහා වෙන්වූ අඩවියක මෙවැනි අසික්කිත පින්තූර පල කිරීම පිළිබඳව දොස් පවරනු ඇත.එතැනින් නොනැවතී අඩවිය බ්ලොක් කිරීමට ,රිපෝට් කිරීමට උත්සාහ කරනු නිසැකය.

Wednesday, January 6, 2016

රිද්ම 8 ප්‍රසංගයේ ශිල්පින්ට හරසර ...

    
රිද්ම 8 - 2015 ප්‍රසංගය සඳහා රංගනයෙන් හා ගායනයෙන් දායක වූ නිලධාරීන් හට ස්තූතිය පල කිරීමේ උත්සවයක් 2016 ජනවාරි 04 දින බෙන්තොට බීච් හෝටලයේ දී පවත් වන ලදී. ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තකු ලෙස නියාගම ප්‍රාදේශීය ලේකම්තුමා සහභාගී විය.

Tuesday, January 5, 2016

හිපන්වත්ත වසමේ දිළිදු පවුල් දරුවන්ට පාසැල් පොත් හා සපත්තු බෙදා දීම - 2016 01 03

හිපන්වත්ත වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් මහතාගේ සංකල්පයකට අනුව එම වසමේ දිළිඳු පවුල් වල පාසැල් දරුවන් වෙනුවෙන් පාසැල් පොත් සහ සපත්තු කුට්ටම් නොමිලේ බෙදා දීමක් සිදුවිය.සපත්තු කුට්ටම් 16 සමඟ පිටු 120 පොත් 100 ක් දරුවන් වෙත ලබා දුන් අතර මෙම ත්‍යාගයන්  පාසැල් දරැවන්ට ලබා දීමට පහත සඳහන් ආයතන හා පුද්ගලයන් දායක විය.

සංවර්ධන නිලධාරීන්ගේ EB EXAM ප්‍රතිඵල


1) click any place on table
2) Press Crl + F  Keys to open find box
3) Type Your ID NUMBER in find box
4) Press Enter Key
5)Wait little time and get your result

Friday, January 1, 2016

2016 නව වසරේ අපේ ඇරඹුම ....

  බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව 2016 වසරේ ආරම්භක දිනය වූ අද දින (2016 ජනවාරි 01) කාර්යාලයේ සියළුම නිලධාරීන් වාගේ සහභාගී වූ විචිත්‍ර දිනයක් විය.උදෑසන 8.30 ට පමණ ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතාගේ මූලිකත්වයෙන් කාර්යාලය ඉදිරිපිට ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කොට නිලධාරීන් සියළු දෙනා නව වසරේ රාජ්‍ය සේවා දිව්රුම දීම සිදු කලහ.අනතුරුව මහා සංඝරත්නය වැඩමවා ආගමික කටයුතු සිදු කිරීමෙන් පසු සියළුම දෙනා නව වසරේ කෑම මේසය ඉදුල් කිරීම සිදු කර සතුටු සිතින් නව වසරේ කාර්යාලයේ තම රාජකාරි ආරම්භ කලහ.

Thursday, December 31, 2015

“ඇටකෝටු යාළුවා“ ළමා පින්තූර කතා පොත එළිදැක්වීම- 2015/12/30

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී මනෝවිද්‍යා උපදේශක වෙනුර සනත් කුමාර මහතා විසින් සිතුවම් කර රචනා කල 2015 අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහී ළමා කතාව වූ “ඇටකෝටු යාළුවා“ ළමා පින්තූර කතා පොත දොරට වැඩුම 2015/12/30 දින හවස 2.00 ට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උත්සවසිරියෙන් සිදුවිය.

Tuesday, December 29, 2015

ළමා සමාජ චිත්‍ර ප්‍රදර්ශනය - 2015/12/29 ගල්තුඩුව සමාජ සත්කාර ඒකකය

විස්තර  - ළමා හිමිකම් නිලධාරිණී සුජීවා ප්‍රියදර්ශනී , ගල්තුඩුව ආර්ථික සංවර්ධන නිලධාරිණී ඉන්දු කුමාරි
ඡායාරූප - බි.ඩී. චන්දන ප්‍රභාත්

බෙන්තර කොට්ඨාශයේ ළමා සමාජ වල දරුවන්ගේ කලා කුසලතා එලිදැක්වීමක් ලෙස පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනය 2015 /12/29 දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා ගල්තුඩුව සමාජ සත්කාර ඒකකයේදී පැවැත්වුනි.කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටවූ ළමා සමාජවල දරුවන්ගේ ජයග්‍රාහී චිත්‍ර මෙහිදී මහජන ප්‍රදර්ශනයට ලක්විය.දරුවන්ගේ කලා කුසලතා ඔපනැංවීම හා ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වූ බව ළමා හිමිකම් නිලධාරිණී සුජීවා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.
  මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ ඡායාරූප කිහිපයක් පහතින්...

Saturday, December 26, 2015

හිපන්වත්ත පාළමේ වැඩ අවසන් අදියරේ....

විස්තර හා ඡායාරූප - ධනුෂ්ක සම්පත්(හිපන්වත්ත ආර්ථික සංවර්ධන නිලධාරි)

  දිගු කාලයක් තිස්සේ අබලන්ව කඩා වැටීමට ආසන්න තත්ත්වයේ තිබූ හිපන්වත්ත පාලම පිළිසකර කිරීම පසුගියදා ආරම්භ වූ අතර මේ වන විට පාලමේ වැඩ අවසන් අදියරේ ඇති අතර නොබෝ දිනකින් ජනතා අයිතියට පත්වනු ඇත.
  ග්‍රාම සේවා වසම් සංවර්ධන වැඩසටහනට අනුගාමීව සිදුවූ විශේෂ සංවර්ධන වැඩසටහනක් යටතේ සිදුවූ මෙම පාළම පිළිසකර කිරීම වසමේ ප්‍රධාන සංවර්ධන අවශ්‍යතාවක් සම්පූර්ණ වීමක් බව ගම්වැසියන් සතුටින් ප්‍රකාශ කර සිටිති.

තුන්දුව නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ...

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 12 බී තුන්දුව නැගෙනහිර වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා සාර්ථකව අවසන් විය.මේ යටතේ තුන්දුව අළුත්වත්ත පාර හා සායන පාර යන මාර්ග දෙක කොන්ක්‍රීට් කිරීම සිදුවිය.

Wednesday, December 23, 2015

කුඩා ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) සාර්ථකව අවසන්වේ..

 විස්තර හා ඡායාරූප - සමන්ති විජයකුමාරි (කුඩා උෟරගහ අාර්ථික සංවර්ධන නිලධාරිණී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා ඌරගහ වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන(2015) පසුගියදා සාර්ථකව අවසන් වූ අතර අදියර දෙකකින් මෙම සංවර්ධන වැඩසටහන සිදුවිය

සූරියගම වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන (2015) සාර්ථකව අවසන් වේ

විස්තර හා ඡායාරූප - චන්ද්‍රිකා නිලන්ති (සූරියගම ආර්ථික සංවර්ධන නිලධාරිණී)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 12 ඩී සූරියගම වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය.තුඩුව ගංවත්ත පාර තාර දැමීම මේ යටතේ සිදු විය

Monday, December 21, 2015

හිපන්වත්ත ප්‍රජා ශාලාව විවෘත කෙරේ....

 විස්තර - හිපන්වත්ත ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් සමඟ සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන
 ඡායාරූප හා වීඩියෝ - බී.ඩී. චන්දන ප්‍රභාත්

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හිපන්වත්ත වසමේ 2015 ලක්ෂ 10 සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ ප්‍රජා ශාලාවේ බිම් මහලේ වැඩ නොබෝදා අවසන් වූ අතර අද දින (2015 දෙසැම්බර් 21 සදුදා ) හවස 3 ට යෙදි තිබූ සුභ මොහොතින් ජනමාධ්‍ය හා තොරතුරු ඇමති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මැතිතුමා අතින් ජනතා අයිතියට පත්විය. මහා සංඝරත්නයේ ආශීර්වාද සෙත් මැද ආරම්භ වූ මෙම විශේෂ අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මැත්තුමා,බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න මැතිතුමාද සහභාගී විය.
    වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් ග්‍රාම නිලධාරී ටී. රුවන් සම්පත් ,කෘ.ප.නි.ස නිලධාරී අබේරත්න සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන සමෘද්ධි නිලධාරී ඇතුළු වසමේ සියළුම කෙෂත්‍ර නිලධාරීන්  මෙන්ම ගම්වැසියන් එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම ප්‍රජා ශාලාව වැඩ අවසන් කිරීම වසමේ කාලයක් පැවති ප්‍රධාන ගැටළුවකට විසදුමක් විය.
  මෙහි විශේෂ අවස්ථා ඡායාරූප හා වීඩියෝවක් පහතින්..

Friday, December 18, 2015

අපචාර වලින් සිසු දරුවන් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙද්දුව මහ විදුහලේදී..2015/10/29

විස්තර හා ඡායාරූප - තරංගා ශ්‍යාමලී ද සිල්වා (දෙද්දුව ආර්ථික සංවර්ධන නිලධාරිණී)

අපචාර හා වෙනත් සමාජ විරෝධී කටයුතු වලින් දරුවන් ආරක්ෂා කර ගැනිමත් දරුවන් එවැන් අපචාර වලට යොමු වීම වලක්වා ගැනීමත් පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2015 /10/ 29 දින දෙද්දුව මහ විදුහලේදි පැවැත්වුනි.එහි විශේෂ අවස්ථා කීපයක් පහතින් දැක්වේ..

කහගල්ල වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන (2015) සාර්ථකව අවසන්වේ...

විස්තර හා ඡායාරූප - තරංගා ශ්‍යාමලී ද සිල්වා(කහගල්ල වැඩබලන ආර්ථික සංවර්ධන නිලධාරීණී)

  බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 5 ඒ කහගල්ල වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන (2015) පසුගියදා සාර්ථකව අවසන් විය.කහගල්ල යටපාර තාර දැමීම මේ යටතේ සිදුවිය.