Showing posts with label Hipanwatta. Show all posts
Showing posts with label Hipanwatta. Show all posts

Tuesday, January 5, 2016

හිපන්වත්ත වසමේ දිළිදු පවුල් දරුවන්ට පාසැල් පොත් හා සපත්තු බෙදා දීම - 2016 01 03

හිපන්වත්ත වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් මහතාගේ සංකල්පයකට අනුව එම වසමේ දිළිඳු පවුල් වල පාසැල් දරුවන් වෙනුවෙන් පාසැල් පොත් සහ සපත්තු කුට්ටම් නොමිලේ බෙදා දීමක් සිදුවිය.සපත්තු කුට්ටම් 16 සමඟ පිටු 120 පොත් 100 ක් දරුවන් වෙත ලබා දුන් අතර මෙම ත්‍යාගයන්  පාසැල් දරැවන්ට ලබා දීමට පහත සඳහන් ආයතන හා පුද්ගලයන් දායක විය.

Saturday, December 26, 2015

හිපන්වත්ත පාළමේ වැඩ අවසන් අදියරේ....

විස්තර හා ඡායාරූප - ධනුෂ්ක සම්පත්(හිපන්වත්ත ආර්ථික සංවර්ධන නිලධාරි)

  දිගු කාලයක් තිස්සේ අබලන්ව කඩා වැටීමට ආසන්න තත්ත්වයේ තිබූ හිපන්වත්ත පාලම පිළිසකර කිරීම පසුගියදා ආරම්භ වූ අතර මේ වන විට පාලමේ වැඩ අවසන් අදියරේ ඇති අතර නොබෝ දිනකින් ජනතා අයිතියට පත්වනු ඇත.
  ග්‍රාම සේවා වසම් සංවර්ධන වැඩසටහනට අනුගාමීව සිදුවූ විශේෂ සංවර්ධන වැඩසටහනක් යටතේ සිදුවූ මෙම පාළම පිළිසකර කිරීම වසමේ ප්‍රධාන සංවර්ධන අවශ්‍යතාවක් සම්පූර්ණ වීමක් බව ගම්වැසියන් සතුටින් ප්‍රකාශ කර සිටිති.

Monday, December 21, 2015

හිපන්වත්ත ප්‍රජා ශාලාව විවෘත කෙරේ....

 විස්තර - හිපන්වත්ත ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් සමඟ සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන
 ඡායාරූප හා වීඩියෝ - බී.ඩී. චන්දන ප්‍රභාත්

 බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හිපන්වත්ත වසමේ 2015 ලක්ෂ 10 සංවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ ප්‍රජා ශාලාවේ බිම් මහලේ වැඩ නොබෝදා අවසන් වූ අතර අද දින (2015 දෙසැම්බර් 21 සදුදා ) හවස 3 ට යෙදි තිබූ සුභ මොහොතින් ජනමාධ්‍ය හා තොරතුරු ඇමති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මැතිතුමා අතින් ජනතා අයිතියට පත්විය. මහා සංඝරත්නයේ ආශීර්වාද සෙත් මැද ආරම්භ වූ මෙම විශේෂ අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මැත්තුමා,බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න මැතිතුමාද සහභාගී විය.
    වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් ග්‍රාම නිලධාරී ටී. රුවන් සම්පත් ,කෘ.ප.නි.ස නිලධාරී අබේරත්න සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන සමෘද්ධි නිලධාරී ඇතුළු වසමේ සියළුම කෙෂත්‍ර නිලධාරීන්  මෙන්ම ගම්වැසියන් එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම ප්‍රජා ශාලාව වැඩ අවසන් කිරීම වසමේ කාලයක් පැවති ප්‍රධාන ගැටළුවකට විසදුමක් විය.
  මෙහි විශේෂ අවස්ථා ඡායාරූප හා වීඩියෝවක් පහතින්..

Wednesday, December 9, 2015

හිපන්වත්ත වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන-(2015) සාර්ථකව අවසන්වේ...

විස්තර හා ඡායාරූප - හිපන්වත්ත ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් සමඟ තාක්ෂණ නිලධාරී සංජය ජයසිංහ

බෙන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයේ හිපන්වත්ත වසමේ ලක්ෂ 10 සංවර්ධන වැඩසටහන-(2015)  පසුගියදා සාර්ථකව අවසන් වූ අතර හිපන්වත්ත ප්‍රජා ශාලාවේ බිම් මහලේ වැඩකටයුතු අවසන් කිරීමත් දියපරදුව අතුරු මාර්ගයක් කොන්ක්‍රීට් කිරීමත් මේ යටතේ සිදුවිය.

Wednesday, November 11, 2015

හිපන්වත්ත දියපරදුව ප්‍රජා ශාලාව හා අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානය සාර්ථකව නිමවේ....


 හිපන්වත්ත දියපරදුව ප්‍රජා ශාලාව හා අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් ඊයේ(2015/11/10) දිනයේදී පැවැත්වුනි.හිපන්වත්ත සිවිල් ආරක්ෂක කමිටුවේ යෝජනාවක් අනුව ගම්වාසීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු මෙම ශ්‍රමදානය ඉතා සාර්ථකව සිදුවූ අතර හිපන්වත්ත සිවිල් ආරක්ෂක කමිටු සභාපති සංවර්ධන නිලධාරී සංජීව ප්‍රියදර්ශන මහතා ,ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් , ග්‍රාම නිලධාරී ටී.රුවන් සම්පත් ,කෘ.ප.නි.ස නිලධාරී අබේරත්න සමෘද්ධි නිලධාරී ඇතුළු වසමේ සියළුම කෙෂත්‍ර නිලධාරීන් මෙන්ම වසම භාර පොළිස් නිළධාරී මහත්වරුද සිව්ල් ආරක්ෂක කමිටු නිලධාරීන් හා ගම්වාසීන්ද මෙම අවස්ථාවට සහභාගී විය....(ඡායාරූප පහතින්)