Saturday, March 30, 2019
Monday, March 11, 2019
Wednesday, February 6, 2019
Friday, August 31, 2018
Google voice Typing..../ Google Drive Docs OCR
ටයිප් කරනවා කියන්නේ කාර්යාල වැඩ වලදි එපාවෙනම වැඩක්..කොච්චර අමාරු වුනත් අත්‍යාවශ්‍ය දෙයක් නිසා කාර්යාල කටයුතු වලදී ටයිප් කරන වැඩේ අකමැත්තෙන් වුනත් අපිට කරන්න සිදු වෙනවා..මේ කරදරකාරී එපාවෙන ටයිප් කිරීම කරදරයක් වදයක් නොවී පහසුවෙන් කර ගන්න Google ආයතනය විසින්ම සලසා දී තිබෙන ඉතාමත් වටිනා ක්රමෝපායන් දෙකක් පිළිබඳව පහත සටහනින් සඳහන් කර ඇත.තාක්ෂණ දැනුමක් ඇත්තේම නැති අයට වුනත් පහසුවෙන් වැටෙහෙන ආකාරයට තමයි උපරිම උත්සාහ කරල ලිව්වෙ කියවල තේරුම් අරගෙන උත්සාහ කරල බලන්න.අනිවාර්යෙන් ජීවිත කාලයටම වටින දෙයක් වේවි...
Thursday, August 2, 2018
ළමුන්ගේ හා දෙමාපියන්ගේ ධනවාදී ආකල්ප සංවර්ධන උපදේශණ වැඩසටහන -දෙද්දුව ප්‍රාථමික විදුහල
ළමුන්ගේ හා දෙමාපියන්ගේ ධනවාදී ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුනින් පැවැත්වූ උපදේශණ වැඩසටහන - දෙද්දුව ප්‍රාථමික විදුහල
දියපරදූව ප්‍රජා ශාලාව අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානය - හිපන්වත්ත
හිපන්වත්ත වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ධනුෂ්ක සම්පත් මහතා ප්රමුඛ කෙෂත්ර නිලධාරීන් හා ප්‍රජා නායකයින් ගම්වැසියන් සහභාගිත්වයෙන් පැවැත්වූ දියපරදූව ප්‍රජා ශාලාව අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානය-2018/03/26
ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන - 40 ඒ කොටුවබැන්දහේන
ග්‍රාම ශක්ති වැඩසටහන ප්‍රජා දායකත්වය ඇතිව නිල වශයෙන් ආරම්භ කරමින් කොටුවබැන්දහේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භකල අවස්ථාව
Wednesday, July 25, 2018
5 ශිෂ්‍යත්ව දරුවන්ට පැවැත්වූ මනෝ හා ශාරීරික විද්‍යා උපදේශන වැඩසටහන - ගා/කොබේදූව ප්‍රාථමික විදුහල (2018/07/20)
තරඟකාරී විභාග රටාව හේතුවෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් මුහුණදෙන මානසික හා ශාරීරික ආතති පිඩා දුරු කරමින් දරුවන් සාර්ථකව විභාගයට යොමු කරවීමේ අරමුණින් මෙම මනෝ විද්‍යා උපදේශන වැඩසටහන 2018/07/20 දින කොබේදුව ප්‍රාථමික විදුහලේදී පැවැත්වුනි.
Thursday, July 19, 2018
මනෝ විද්‍යා උපදේශණ වැඩසටහන - 2018/07/13 අංක 14 ඒ මිරිස්වත්ත වසම
අංක 14 ඒ මිරිස්වත්ත වසමේ ගා/කොබේදූව ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් වෙනුවෙන් මනෝ විද්‍යා උපදේශණ වැඩසටහනක් 2018/07/13 දින පැවැත්වුනි.14 ඒ මිරිස්වත්ත වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ආර්.ඩී.දිමුතු කල්පනී මහත්මියගේ අදහසින් මනෝ විද්‍යා උපදේශක වෙනුර සනත් කුමාර මහතා ඇතුළු උපදේශණ මහත්ම මහත්මියන්ගේ දායකත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහනෙන්..
Wednesday, June 20, 2018
ජගත් පරිසර දින සැමරුම කහවෙගම්මැද්ද ග්‍රා.නි. වසම
ජගත් පරිසර දින සැමරුමට සමගාමීව රුක්රෝපන වැඩසටහනක් හා ගෙවතු වගාවට
අදාගව පාංශු සංරක්ෂණය පිළිබඳව ගෝනගල මූලස්ථාන කෘෂි උපදේශීක තුමිය විසින් සිදුකල
දැනුවත් කිරීමේ වැඩසටහන...
Labels:
kahawegammedda,
උත්සව
Tuesday, June 5, 2018
ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන - 2018
ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන - 2018
ජගත් පරිසර දින සැමරුම් වෙනුවෙන් 2018 මැයි මස 30 සිට ජුනි 05 දක්වා ප්‍රකාශයට පත් කල “ජාතික පරිසර සතිය“ වෙනුවෙන් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවැත්වූ උත්සවය 2018 ජුනි 04 දින කහවෙගම්මැද්ද තේක්කවත්ත සිරිස්වඩ්ඩණාරාමයේදී බෙන්තොට ප්‍රාදේශීය ලේකම් ඩබ්.වසන්ත විතානගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් රාජ්‍ය මට්ටමින් පැවැත්වුනි.එහි විශේෂ අවස්ථා ඡායාරූප පහතින්....
ජගත් පරිසර දින සැමරුම් වෙනුවෙන් 2018 මැයි මස 30 සිට ජුනි 05 දක්වා ප්‍රකාශයට පත් කල “ජාතික පරිසර සතිය“ වෙනුවෙන් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවැත්වූ උත්සවය 2018 ජුනි 04 දින කහවෙගම්මැද්ද තේක්කවත්ත සිරිස්වඩ්ඩණාරාමයේදී බෙන්තොට ප්‍රාදේශීය ලේකම් ඩබ්.වසන්ත විතානගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් රාජ්‍ය මට්ටමින් පැවැත්වුනි.එහි විශේෂ අවස්ථා ඡායාරූප පහතින්....
Sunday, October 15, 2017
බෙන්තොට ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් තවත් අඩු ආදායම්ලාභී පවුලකට හිසට සෙවනක්..
බෙන්තොට කොට්ඨාශයේ ඉහල මාලවල වසමේ අඩු ආදායම්ලාභී පවුලක් වන ටී.එච්. සෝමවතී මහත්මියගේ ඉදිකෙරෙමින් පවතින නිවසේ වහල ගැසීම සඳහා ශ්‍රම දායකත්වය සපයා එම නිවස සෑදිමේ කටයුත්ත කඩිනම් කිරීම ඉහල මාලවල වසමේ ආර්.සං.නිලධාරී චූලක කුමාර මහතා ප්රමුඛ ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් 2017/08/29 දින සාර්ථකව සිදු කෙරුනි.
Thursday, October 12, 2017
කහගල්ල වසමේ දිළිඳු පවුල් වෙනුවෙන් වියලි ආහාර,ඇඳුම්,පාසැල් උපකරණ බෙදා දිමක්....
හුංගන්තොට - වඩුමුල්ල වසමේ ආර්.සංවර්ධන නිලධාරී මංජුලා පීරිස් මහත්මියගේ මෙහෙයවිම මත කහගල්ල වසමේ ආර්.සං.නිලධාරී එච්.එම්.ආර්. උදයමාලා මහත්මිය විසින් තෝරාගත් දරුවන් 5 දෙනෙකු සිටින දිළිඳු පවුල් කිහිපයක් උදෙසා වියලි ආහාර,ඇඳුම්,පාසැල් උපකරණ බෙදා දිමක් 2017/10/10 දින හුංගන්තොට වඩුමුල්ල ආර්.සං.නිලධාරී කාර්යාලයේදී පැවැත්වුනි.
හුංගන්තොට වසන කුලතුංග මහතා සහ වයලට් චන්ද්‍රාණි යුවලගේ පුත් ග්‍රීසියේ ඇතන්ස් පදිංචි කිත්සිරි චමින්ද මහතා මේ සඳහා සම්පූර්ණ අනුග්‍රහය දැක්වූ අතර වසමේ සමාද්ධි සංවර්ධන නිලධාරී හා කා.ප.නි.ස නිලධාරී මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී විය.
හුංගන්තොට වසන කුලතුංග මහතා සහ වයලට් චන්ද්‍රාණි යුවලගේ පුත් ග්‍රීසියේ ඇතන්ස් පදිංචි කිත්සිරි චමින්ද මහතා මේ සඳහා සම්පූර්ණ අනුග්‍රහය දැක්වූ අතර වසමේ සමාද්ධි සංවර්ධන නිලධාරී හා කා.ප.නි.ස නිලධාරී මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී විය.
ලෝක ළමා දින වැඩසටහන - 5 එ් කහගල්ල
ලෝක ළමා දිනය වෙනුවෙන් කහගල්ල රන්දාගොඩ ශ්‍රී දේවප්රියාරාමයේදී වැඩසටහන් පෙලක් උත්සවාකාරයෙන් පැවැත්වුනි.එම වැඩසටහන් අතර
* ළමා චිත්‍ර හා නිර්මාණ ප්‍රදර්ශණය හා ත්‍යාග ප්රදානය
* ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී සුජීවා මහත්මිය ඇතුළු දේශකයන් සහභාගී වූ දේශණ වැඩසටහන
* සිඟිති දරුවන්ගේ විවිධ ප්‍රසංගයක්
මෙම අවස්ථා පහතින් (විස්තර හා ඡායාරූප කහගල්ල වසමේ ආර්ථික සං. නිලධාරිණි එච්.එම්.ආර්. උදයමාලා)
* ළමා චිත්‍ර හා නිර්මාණ ප්‍රදර්ශණය හා ත්‍යාග ප්රදානය
* ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී සුජීවා මහත්මිය ඇතුළු දේශකයන් සහභාගී වූ දේශණ වැඩසටහන
* සිඟිති දරුවන්ගේ විවිධ ප්‍රසංගයක්
මෙම අවස්ථා පහතින් (විස්තර හා ඡායාරූප කහගල්ල වසමේ ආර්ථික සං. නිලධාරිණි එච්.එම්.ආර්. උදයමාලා)
Tuesday, October 10, 2017
අතුරුවැල්ල පාලමට මුල්ගල තැබේ...
ඉතා දිගු කාලයක් පුරා කඩා වැටීමට ඉතා ආසන්නව, අතුරුවැල්ල මැදගොඩ විහාරයට පිවිසෙන මාර්ගයේ ඇල හරහා තිබූ අබලන් පාලම ඉවත් කර නව පාලමක් ඉදි කිරීමේ කටයුත්ත අද(2017/10/10) දිනයේ මුල් ගල තැබීමෙන් ආරම්භ විය.
Friday, September 1, 2017
ඡන්ද නාම ලේඛනයට නිවැරදි තොරතුරු ඇතුලත්දැයි සැප්තැම්බර් 06 දාට පෙර බලන්න
2017 වසර සඳහා ඡන්ද නාම ලේඛනයට නම් ඇතුලත් විමේ අඩුකමක් හා දෝෂ දක්නට ලැබෙන බවත් ඉදිරියේදී පැවැත්විමට නියමිත ඡන්ද වලදී මෙය ගැටළුවක් විය හැකි බැවින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගොස් තමන්ගේ නම අදාල ඡන්ද නාම ලේඛනයට ඇතුලත් වි ඇත්දැයි සැප්පතැම්බර් 06 දිනට පෙර පරීක්ෂා කරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංව්ධාන ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.
Wednesday, July 5, 2017
බෝධිමළුව වසමේ වෛද්‍ය සායනය....
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 3 ඒ බෝධමළුව කොට්ඨාශයේ ආර්ථීක සංවර්ධන නිලධාරී සබීතා ද සිල්වා මහත්මිය සංවිධානය කරන ලද වෛද්‍ය සායනය 2017/06/29 දින සාර්ථකව පැවැත්වූ අතර ,
Wednesday, January 4, 2017
බෙන්තොට සංවර්ධන නිලධාරීන් පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් අඩු ආදායම් ලාභී නිවසකට විදුලිය..
පිලිකා රෝගයෙන් පීඩා විදින රෝගියකු සිටින අඩු ආදායම්ලාභී පවුලක් වෙසෙන නිවසකට විදුලිය ලබා ගැනීමට එම නිවස wirering(රැහැන් සැකසිම) බෙන්තොට ප්‍රා.ලේ. කාර්යාලයට අනුයුක්ත සංවර්ධන නිලධාරී අශෝක නයනජිත් මහතා ඇතුළු ආර්ථික සංවර්ධන නිලධාරීන් පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් සිදුවිය. කෙනෙකුට මෙය සුළු කටයුත්තක් ලෙස පෙනුනත් එම අසරන පවුලට මෙය මහඟු උපකාරයක් විය.මෙයට දායකත්වය දුන් සංවර්ධන නිලධාරී පිරිසට හදපිරි ආශීර්වාදය පතමු.
Subscribe to:
Posts (Atom)

















