වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන 2024.09.27
අංගාගොඩ වෙරළ තීරයේ සිදුකරන ලද අතර තාල හොටලයේ කාර්යා මණ්ඩලය , ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ප්‍රාදේශීය සභාව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන් අදාල වැඩසටහන සඳහා සහභාගවන ලදි.
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සිදු කරනු ලබන බිම්මල් වගාව පිළිබඳ විශේෂ ව්‍යාපෘතියේ බිම්මල් වලින් සිදු කරන අගය එකතු කරන ලද නිෂ්පාදනයන් (සුප්,සෝසේජස්,මොජු) සකස් කිරීමේ තාක්ෂණික වැඩසටහන 2024.08.28 දින විදාතා සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි , මේ සඳහා ප්‍රධාන සම්පත් දායකත්වය ගාල්ල දිස්ත්‍රික් විදාතා නිලධාරී ශිරෝම් මහත් මිය විසින් සපයනු ලැබීය, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා නිලධාරී නිලුකා මහත්මිය ද සම්පත් දායකත්වය සපයන ලදී.