Thursday, February 26, 2026

 ව්‍යාපාර වලට අදාළ බදු හා ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලේඛන සකස් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.02.25 වන දින කාර්‍යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ ගාල්ල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් එරන්ද කොඩිතුවක්කු මහතා විසිනි.

මෙම වැඩසටහන සඳහා කාර්‍යාලයේ ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු ආයතනික නිලධාරීන් හා ප්‍රදේශයේ ව්‍යවසායකින් පිරිසක් සම්බන්ධ විය.








Tuesday, February 3, 2026

 

78 වන නිදහස් දින සමරුවට සමගාමීව බෙන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සාමූහික සංකල්පයකට අනුව බෙන්තොට මූලික රෝහල කේන්ද්රකර ගනිමින් ඉතා සාර්ථක ශ්රමදාන වැඩසටහනක් 2026.02.03 දින පවත්වන ලදි.

එහිදී පහත විස්තර සදහන් කටයුතු සිදු කරන ලදි.

පරිශ්රය පුරාවට පැවති අණාරක්ෂිත ගස් දැව සංස්ථාවට දැනුම් දීමක් සිදු කර ඉවත් කිරීම හා අනතුරු දායක ගස් වල අතු කපා ඉවත්කිරීම.

වෛද්යතුමිය විසින් පෙන්වා දෙන ලද වාට්ටු, වාට්ටු පිවිසුම් (Corridors), බුදු මැදුර පවිත්රතා දියර යොදා යන්ත්රානුසාරයෙන් පවිත්ර කිරීම.

ළමා වාට්ටුවේ තීන්ත ආලේප කර සෝදා පවිත්ර කිරීම.

ළමා උද්යානයේ ක්රීඩා උපකරණ වල තීන්ත ආලේප කිරීම හා උද්යානය පවිත්ර කිරීම.

රෝහල් වහල මත පැවති කොළ රොඩු අතුගා පවිත්ර කිරීම.

රෝහලට පිවිසෙන මාර්ගය දෙපස මල් පැලසිටුවා අලංකාර කිරීම

රෝහල් පරිශ්රයේ තණකොළ වැවී තිබූ ප්රදේශ වල තණකොළ කපා ඉවත්කර පවිත්ර කිරීම.

සායන වලට සහභාගී වූ රෝගීන්ට පෝෂණීය සුප් ආහාර වේලක් ලබා දීම

සායන වලට සහභාගී වූ කුඩා දරුවන්ට සෙල්ලම් බඩු ලබාදීම.

රෝහලේ කසළ මනාව කළමණාකරණය කර ගැනීම සදහා අවශ්Bins කිහිපයක් ලබා දීම.

මෙම සමස්ත කටයුත්ත සදහා ගාල්ල දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී, බෙන්තොට ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති නිශාන්ත පෙරේරා මැතිතුමා, බෙන්තොට ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ගරු උප සභාපතිතුමා, ගරු මන්ත්රීතුමන්ලා ඇතුළු සේවක මහතුන්, දැව සංස්ථාවේ නිලධාරීන් සහ සේවක මහතුන් පැමිණ සිය ශ්රාම දායකත්වය හා අවශ්ය උපකරණ ඇතුළු අවශ්ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් නොමද සහයෝගයක් ලබා දෙන ලදි. ඒ වෙනුවෙන් ඒ සියළු දෙනාට අපගේ හෘයාංගම ස්තුතිය පළ කර සිටිමි.

විශේෂයෙන්ම බෙන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සියළුම අංශ වල විධායක/ මාණ්ඩලික නිලධාරීන්, අංශ ප්රධානීන් සහ ඒ සදහා පෞද්ගලිකවම සහභාගී වී සිය ශ්රමය බොහෝ කැමැත්තෙන් කැප කළ සියළුම සහෝදර, සහෝදරියන්ගේ නොමද දායකත්වයක් ලැබුණු බැව් ඉතාමත් කෘතවේදීව සිහිපත් කරමි. ඒ සියළු දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි.

මෙම අවස්ථාවට සහභාගී වූ සියළුම ග්රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ කෘ.ප.නි.ස. නිලධාරීන් විසින් ශ්රමයෙන් හා විවිධ කාරනා වෙනුවෙන් ලබා දුන් ද්රව්යමය හා මූල්යමය දායකත්වය අනූපමේයයි.

බෙන්තොට මූලික රෝහලේ වෛද්ය රෂිමි මෙනවිය, හෙද කාර්යය මණ්ඩලය, හෙද සහායක කාර්යය මණ්ඩලය ඇතුළු රෝහල් කලමණාකරණ කමිටු නිලධාරින් සියළු දෙනාට අදාල සම්බන්ධීකරණ කටයුතු සහ සංග්රහ කටයුතු සිදු කිරීම වෙනුවෙන් ස්තුතිය පළ කර සිටිමි.

නොමසුරු අනුග්රහක දායකත්වය ලබාදුන් ආයතනසහ නිලධාරීන්:

ළමා වාට්ටුව හා ළමා උද්යානයේ අලේප කිරීමට තීන්ත ලබාදීම

ඔශීත කන්ස්ට්රක්ෂන්ස් ආයතනය

අමල් ඉංජිනියරින් ආයතනය

පැන්ඩනාස් හෝටලය

බෙන්තොට ප්රා.ලේ කාර්යාල සුභ සාධක සංගමය

කසල බදුන් ලබා දිම

හංසගිරිි සමුහ ව්යාපාරය

රෝහල් භූමිය අලංකරණය කිරිම සඳහා මල් පැල, පෝචිචි, පලතුරු පැල ලබාදීම

නිමාලි එසෙන්ශීයල් ඔයිල් ආයතනය

අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් අංශය - ප්රාදේශීය ලේකම් කාර්යාලය

අපනයන සංවර්ධන නිලධාරි - ප්රාදේශීය ලේකම් කාර්යාලය

බෙන්තොට ප්රා.ලේ කාර්යාල සංවර්ධන නිලධාරී සුභ සාධක සංගමය

විශේෂ සංග්රහය සඳහා

එදින මාතෘ සායනය සඳහා පැමිණි මව්වරුන්ට හා බාහිර රෝගී අංශය වෙත ප්රතිකාර ගැනීමට පැමිණි රෝගීන්ට හා ශ්රමදාන වැඩසටහන සඳහා පැමිණි නිලධාරින් වෙනුවෙන් විශේෂ ආහාර වේලක් - (සුප් එකක්) ලබා දිමට කටයුතු කල අරුණි ශාන්ති මිය - ගල්බඩ ග්රාම නිලධාරිතුමිය

එදින ශ්රමදාන වැඩසටහන සඳහා පැමිණි නිලධාරින් වෙනුවෙන් දහවල් ආහාර වේලක් - ලබා දිමට කටයුතු කල බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්මික නිලධාරින්,සම්බන්ධීකරණ සහකාර නිලධාරි හා වෙරළ සංරක්ෂණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය

 

අනෙකුත් සංග්රහ කටයුතු

සෙන්තාරා හෝටලය හා පහුරුමුල්ල ග්රාම නිලධාරිතුමා

• EKHO Surf Bentota හෝටලය

වෛද්යතුමිය ඇතුළු කාර්යයමණ්ඩලය