“පිරිසිදු වෙරළක් - ආකර්ශණිය සංචාරක ගමනාන්තයක්” තේමාව යටතේ සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන ගාල්ල හමුදා කදවුර මුලිකත්වයෙන් අද දින (ජුලි 29 ය) සිදු කරන ලද අතර මේ යටතේ බෙන්තොට මෝය අසල වෙරළ තිරය හා කයිකාවල වෙරළ තිරය පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරන ලදි.
මේ සඳහා යුද්ධ හමුදා නිලධාරින්,ප්රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් ,ප්රාදේශිය සභා නිලධාරින් ,මධ්යම පරිසර අධිකාරියේ නිලධාරින්,මහජන සෞඛ්ය පරික්ෂක කාර්යාල නිලධාරින්,කොට්ඨාසයේ ස්වේච්ජා සංවිධන (ග්රාම සංවර්ධන සමිති,වැඩිහිටි සමිති...) හා සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ සෘජු හා වක්ර රැකියා කරනවල නිරත වන පුද්ගලයින් සහභාගි වන ලදි.